හිම වැටෙන ශීත කාලයේ දි ඩොමිනෝස් ලා කරන්නේ මොකක්ද බලන්න…

ජාපානයේ ඩොමිනෝස් පීසා අවන්හල් බළධාරීන් පීසා ඇණවුම් භාර දීම සඳහා පිනි මුවෙක් මෙම හිම වැටෙන කාලයේ භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.නත්තල් සියා සහිත පිනි මුවා රථය සහිත පීසා ඇණවුම පාරිභෝගිකයින් වසඟයට පත් කරනු නොඅනුමානයි.අතීතයේ සිටම නත්තල් සීයා එසේත් නොමැති නම් සැන්ටා ක්ලොස් පැමිනෙන්නේ පිණි මුවා සහිත රථයේ තෑගි පුරවාගෙන බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණක්..ඉතින් මේ අදහස ක්‍රියාත්මක කිරීමට ඩොමිනෝස් බළධාරීන්ද ක්‍රියා කොට තිබෙනවා.මේ සඳහා ඔවුන් පිණි මුවන් ව පුහුණු කරවන බවත් ආරංචී..මෙය ආරක්ෂිතව හා සුක්ෂමව පිළියෙළ කිරීමටත් මොවුන් අමතක නොකරන බව මෙම ආයතන බළධාරීන් වැඩි දුරටත් පවසා තිබුනා.මෙම පිණි මුවන් ජි.පී එස් තාක්ෂණය ඔස්සේ සේවකයින් හරහා නිසි පාරිභෝගිකයා වෙත තම ඇණවුම ගැටළුවකින් තොරව ලබා ගැනීමට ක්‍රම සම්පාදනය කරන බවත් වැඩි දුරටත් පවසා තිබුනා.ඉතින් නූතනයේදී තෑගි වෙනුවට නත්තල් සීයා පිණි මුවන් රථයේ නැගී රස වෑහෙන චීස් පිරුණු පීසා ඔබ වෙත රැගෙන ඒවි.එමෙන්ම මේවා උණුසුම් ලෙස ඔබ අතට පත් කිරීමටත් ඔවුන් ක්‍රියා කරාවි..

dominos-pizza-japan-reindeer1

Share this post with your friends!