මුවින් උණ්ඩ රැක ගැනීමට ගොස් අමාරුවේ වැටුණු මැජික් කරුවෙකු පිළිබඳ විස්තර පැවසීමටයි මේ සුදානම…කියවලම බලන්නකෝ….

බරපතල තුවාල සහිතව මෙම මැජික් කරුවා බේරුනා.ඩේවිඩ් බ්ලේන් කියන්නේ ජත්‍යාන්තර කීර්තියට පත් මැජික් කරුවෙක්..ඔහු තම විස්මිත හැකියාවන් භාවිතා කරමින් රසික හදවත් සන්තර්පනය කිරීමට උපන් හපනෙක්..එහෙත් මෙවර ඔහු පෑ විස්කම් නතර වුයේ ඔහුගේ ජිවිතය යන්තමින් රැක ගනිමිනි.වයස අවුරුදු 43ක් පමණ වන මොහු ලාස් වේගාස් හි පැවැත්වු සංදර්ශනකයකදි මෙම බිහිසුණු අනතුරට මුහුණ දුන්නා.ගිනි බටයකින් පිටවන උණ්ඩය තම මුවින් රැක ගැනීමට යාම මෙම බිහිසුණු ඛේදවාචකයට හේතුවයි.2010සිටම මෙම දර්ශනය සිදු කල මොහු මෙවර තම මුඛ ආරක්ෂිත උපකරණ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැහැ..එම නිසා ඔහුගේ පිටුපස උගුරට බරපතල හානි සිදුව තිබෙනවා..කෙසේ වුවද මෙවැනි විශාල ව්‍යසනයකින් පසු ඔහු ජීවත් ව සිටීමද ලොකු දෙයකි.

Share this post with your friends!