මී පැණි ගන්න නේපාල මිනිස්සු කොච්චර උසක් නගිනවද…..කියලා බලන්න….ඇත්තටම පුදුමයි………

ලෝක අන්තයන් වෙත ගමන් කිරීම පිළිබඳ සැලකු විට ගුරුන්ග් හී මි පැණි එකතුකරන්නන් මෙයට හොඳම නිදසුනයි.ඔවුන්ට මෙය රන් අස්වැන්නක් සේ වටිනා අතර ඒ සඳහා හිමාලයෙන් එපිට භායානක කඳු පවා තරණය කිරීමට ඔවුන් මැලි නොවෙති.මෙම පලාතේ ලෝකයේ සිටින විශාලම මී මැසි වර්ගය වන ඇපිස් ලැබොරිසියා නම් මී මැසි වර්ගය තම මීවද තනා ගැනීමද මෙම ව්යාපාරය මුලිකව සිදු කරගෙන යෑමට ඉවහල් වේ.මෙම පැණි එකතු කිරීමේ කාර්යය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනා අතර මෙහි ආරම්භය වසර දහසක් පමන ඇතට දිව යයි. කෙසේ වුවද ඉක්මනින්ම මෙම මි පැණි එකතු කිරීම අඩාල වේ යැයි සිතිය හැකි හේතුද ඇත. එයට හේතුව ලෙස කාලගුණ වෙනස්වීම් ,පැණි වලට ඇති ඉල්ලුම අධික වීම ඇතුළු තවත් කරුණු රැසක් බලපෑමට ඉඩ ඇත.ඡායාරූප ශිල්පී ඇන්ඩෘ නිව් වේ මෙම ගුරුන්ග් ප්රදේශයේ මි පැණි අස්වැන්න පිළිබඳ වර්තාමය වැඩසටහනක් 2013 වසරේ නිකුත් කලද මෙම මී මැස්සන් මුහුණ දෙන ගැටළු පිළිබඳ කිසිවක් වර්තා වී නොමැත.මෙය නේපාලයේ චාරිත්රයක් වශයෙන් සිදුවන අතර කලකින් මෙය වියැකීමට පෙර මේ පිළිබඳ වර්තාමය සිද්ධියක් නිර්මානය කිරීමට ඇන්ඩෘ සමත් විය. මේ මි පැණී එකතු කිරීම සරල නොවන අතර විටක එය ඉතා අවධානම් මෙන්ම භායානකද විය හැක.මෙම පැණි එකතු කරන්නන් ආරක්ෂක ඇඳුම් වලින් තොරව මෙය සිදු කිරිම තවත් එක් පුදුම සහගත කරුණකි.එමෙන්ම කඹයෙන් සදාගත් ඉනිමඟක සහ අත් උදව්වෙන් පමනක් මොවුන් අඩි 200 සිට 300දක්වා උස කඳු පවා තරණය කිරීමට තරම් එඩිතර වෙයි.මීමැස්සන් දුමාරයට සන්සුන් වන අතර සමහර පැණි එකතු කරන්නන් මෙම මි මැසි දළ ප්රහාරයන්ට ඔරොත්තු දෙයි.මෙම මී වද එකතු කිරීමෙන් අනතුරුව එය භාජනයක දමා ගැනීමෙන් පසු පහළ සිටින පිරිසක් මෙය එකතු කර ගැනීමට සුදානම් ව සිටී.මෙම කඳු බෑවුම් ගුරුන්ග් මිනිසුන්ට අයත් ප්රදේශයන් වුවද රජය මගින් ඉදිකරන්නන්ට මෙම ස්ථාන වලට ඇතුල් වීමේ අවසර දීමත් සමඟ මෙහි ඇති පැණි අස්වැන්න සහ මි මැසි ඝනත්වය අඩු වී යයි.එමෙන්ම සමහර ආයතන මගින් සංචාරකයන් මෙම පළාත නැරඹීම සඳහා යොමු කරන අතර පැණි එකතුකරන්නට යම් කිසි ගෙවීමක් සහිතව වේලාවන් නියම කොට අස්වනු නෙලා ගන්නා ලෙස පවසා එය සංචාරකයින්ට විකිණිමට කටයුතු යොදා ඇත.වගකිවයුතු පැණි එකතු කරන්නන් මෙය සිදු කරන්නේ වසන්ත සෘතුවේ හා ගිම්හාන සෘතුවේදී පමනි.ආගමික චාරිත්රයක්ද වශයෙන් සලකන මෙය පටන් ගැනීමට පෙර මෙම කඳු බෑවුම් අධිපති දෙවියන්ට බැටළුවෙකු පරිත්යාග කරන්නේ තම අස්වැන්න සාර්ථක කර ගැනීමටය.මෙම ප්රදේශයේ ගම් වැසියන් සරත් සමයේ දී ගන්නා පැණි තම තේ පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා අතර වසන්ත කාලයේ පැණි ඉතා ප්රචලිත වන්නේ එහි ඇති රත් පැහැය නිසාවෙන්ය. සෞඛ්ය කටයුතු සඳහා ජපානයේ,කොරියාවේ සහ චීනයේ ද මේවා බහුලව භාවිතා වෙයි.



Share this post with your friends!