බයිසිකල් එකක් ගන්න කලින් කොල්ලො අමතක කරන ඒත් වැදගත්ම කරුණ මෙතනින්!

ඔන්න ප්ලෑන් කරලා අන්තිමේට යාලුවෝ ටික හවසට එකතු වුනා. ආගිය තොරතුරු හුවමාරු වෙන වෙලාවේ තුසිතට හිතුනා එයාගේ හිතේ තියෙන ප්‍රශ්නය යාලුවන්ට කියන්න කියලා.

‘මම හිතන් ඉන්නේ මේ මෝටර් සයිකල් කෙරුවාව නවත්තලා දාන්න කියලා, මචන්’

‘ඈ! ඒ මොකද ඒ? හදිස්සියේම?’ කල්ප කතාවට මුල පිරුවා.

‘මට මාර වියදමක් මචන් මෝටර් සයිකල් එකේ ටයර් වලට යන්නේ. කොහොම කරත් ටයර් එක කට්ටට ගෙවෙනවා. මාස 2ක් පාවිච්චි කරන්න බෑ. කොහෙන්ද බන් ඔහොම ටයර් ගන්න සල්ලි? මම පුරුදු විදිහට බස් එකෙන්ම යනවා.’

‘මොකද්ද කොල්ලා ප්‍රශ්නේ?’ මෝටර් සයිකල් ගැන මනා අවබෝධයක් තියෙන චන්දන අයියාත් මේ කතාව අහන් ඉදලා.

‘නෑ චන්දන අයියා, මම ගත්ත මෝටර් සයිකල් එක නම් සුපිරි! ඒත් රෝද දෙක නම් පුදුම වදයක් දෙන්නේ. හැමදාම ෂර්ට් එකේ මජන් නාගෙන මෝටර් සයිකල් එක තල්ලු කරගෙන ගෙදර යන්නේ. එක්කො පැච් එකක් නැත්තම් ලිස්සනවා නැත්තම් තව මොකක් හරි. ඉවසලා බැරිම තැන මම හිතුවා මේක විකුනන්න. චන්දන අයියා දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.

‘බෙල්ලේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් නේ මල්ලි කරන්න යන්නේ. ටයර් වල බාල කමට මෝටර් සයිකල් එක එක පලි නෑ. මේක අහගන්න.’

‘ලOකාව කියන්නේ අමුතු රටක්. භූ විෂමතාව ගොඩක් වෙනස් නිසා එක එක තැන් වල පොළොව එකිනෙකට වෙනස්. නිතරම නුවර ගිහින් කොළඹ එන ඔයාට මම මේක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඉතින් මෝටර් සයිකල් එකක මූලිකම දේ ඒ කියන්නේ ටයර් එක තමයි සුපිරියට තියෙන්න ඕනි මොකද ටයර් එක හිටියොත් ඔයත් හිටියා තමයි. අනික මල්ලි අපේ සමහර පාරවල් නම් ගන්න දෙයක් නෑ. ඒවල යන්න නම් ටයර් එකට හොද පණක් තියෙන්න ඕනි. අපේ මිනිස්සු ගොඩක්ම බලන්නේ බයික් එකේ පාටයි හැඩයයි ඒත් ඒගොල්ලොන්ට අමතක වෙනවා මෝටර් සයිකල් එක දුවන්න නම් ටයර් එක තමයි අවශ්‍යම කියලා.’

‘සහතික ඇත්ත චන්දන’ කල්ප තහවුරු කරා.

‘මෝටර් සයිකල් එකේ කට්ට රටාව තමයි මල්ලි අපි මුලින්ම බලන්න ඕනි. ඒත් එක්කම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වැස්ස වෙලාවට ටයර් ලිස්සන එක. ඒක හරිම අනතුරුදායකයි. වOගුවක් එහෙම ගන්න කොට ටයර් එක පොළොව බදලා ඇල්ලුවේ නැත්තම් ඉතින් විනාසයි. අනික දැන් තියෙන සමහර ටයර් කාලයක් පාවිච්චි කරන්න බෑ, හැමදාම පැච්! කොහොමද කෙල්ලව දාගෙන තල්ලු කරන් එන්න වුනොත්! ඉදලා ඉවරයි නේ! නැද්ද මල්ලි.’

‘අපෝ ඒ ගැන නම් කතා කරන්න ඒපා’ තුසිත කල්ප දිහා බලලා ඇහැක් ගැහුවේ කල්ප ඔය පරිප්පුව දන්න නිසා.

‘හරි චන්දන අයියා මට කියන්නකො මම ගන්න ඕනි හොදම ටයර් වර්ගය මොකද්ද කියලා’

‘මෙහෙමයි මල්ලි නිකම් බාල බඩු අරන් ඇගේ පතේ අමාරු එනකන් මෝටර් සයිකල් එක තල්ලු කරලා කාටද තියෙන වාසිය. අනික නිතරම ටයර් මාරු කරාම ඒක පර්ස් එකට නියමෙට දැනෙනවා. මම නම් දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ DSI ටයර්ස්. මගේ රස්සාවත් එක්ක මට ලOකාව වටේම යන්න වෙනවා. මමත් එක එක ජාතියේ ටයර් පාවිච්චි කරලා හෙම්බත් වුනා. මගේ යාලුවෙක් තමයි DSI ගැන මට කිව්වෙ. ලOකාවේ පාරවල් වලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරල තියෙන නිසා DSI ටයර් ගෙවෙන එකත් අඩුයි. DSI කියන්නේ ලOකාවේ අපේම අය නිසා අපේ පාරවල් ගැන හොදට දන්නවා. DSI ටයර් එකක මිල වුනත් අතේ ගානට ෂේප්. කාලයක් ලෙඩ නැතුව දුවන්න පුලුවන් කියන එකනම් දන්න දන්න කවුරුත් කියනවා. ඒකනේ මල්ලි වැදගත්!’

‘අනිවාර්යෙන්, චන්දන අයියා කියපු නිසා මමත් DSI ටයර් වලට මාරු වුනා. ග්‍රිප් එක සුපිරි! බ්‍රේක් වදිනවා එළ කිරි වගේ’ කල්ප ආයෙත් කතාවට එකතු වුනා.

‘මාත් DSI ටයර් වලට යනවා. හැම අතින්ම වාසි DSI නම් මම මොකටද වෙන ඒවා හොයන්නේ? තැන්ක්යූ චන්දන අයියා’

‘පාව්ච්චි කරලම බලන්නකෝ! මල්ලිටම තේරෙයි DSI ටයර් තමයි ලOකාවේ නම්බර් වන් කියලා’

Share this post with your friends!