මෙන්න බලන්න කවදාවත් බලන්න ලැබෙන්නෙ නැති ජාතියේ සින්දුවක්……….

මනුශ්‍යත්වය හා මානව හිමිකම් උල්ලංඝනය වෙමින් ගිලිහි යන කාලයක අළුත් අවුරුදු ආරම්භය සඳහා නොයෙක් සුභවාදි සංකල්පයන් ජනිත වුවා.ඉතින් සවුදි අරාබියෙන් පැමිණි මෙම ගීතය මත දරන්නන්ගේ තේමා ගීය බවට පත්වෙලා තියෙනවා.මජේඩ් අල් එසා යන ගායකයා විසින් ගායනා කර තිබෙන මෙම ගීතය අන්තර්ජාලය තුල ගින්නක් බවට පැතිර තිබෙනවා.මෙහි හදවත් ස්පර්ශ කරන අර්ථය හා භාවිතා කොට ඇති සංකේතාත්මක වටිනාකම්ද මෙම ගීතය මිනිසුන් අතරට ලෙහෙසියෙන් ගෙන යාමට කටයුතු කොට තිබෙනවා.එමෙන්ම සවුදි සමාජය තුල පනවා ඇතී නීති හා තහංචි පිළිබඳව පුළුල් විවරණයක ද යෙදෙනවා.එපමණක් නොව මෙයටම ගැලපෙන සංගීතමය නාද රටාවෙන් ගීතයට නවමු හැඩයක් ලබා දෙනවා.පළමුවැනි සතිය තුලදීම මිලියන දෙකකට අධික ප්‍රමාණයක් මෙය නරඹා තිබුනා.මෙහිදි බුර්කාව හැඳගත් ගැහැණුන් කෙලි දොලින් විනෝද වෙමින් ක්‍රීඩාවේ නිරත වන අයුරු ගීත ගායනා කරන අයුරු වැනි දෑ ඇතුලත් කොට තිබුනා.එමෙන්ම ගැහැණියකට අවශ්‍ය නිදහස එම රට තුල කෙතරම් අල්ප වී තිබේද යන්නත් පෙන්වා තිබුනා.කෙසේ වුවත් මේ නිසා කාන්තාවන් විඳින මානසික වේදනාව පිළිබඳ ඉතා හොඳින් පෙන්වා දෙන ගීතයක් ලෙස මෙය හඳුන්වා දිය හැක.

Share this post with your friends!