ඔබේ සිහිනය කාර් එකක්ද? අතේ සල්ලි නැද්ද? ඉන්ධන මිල අහස උසට… පාට්ස් හොයන්න ගියාම විදින දුක…. මේ ඔක්කොටම තියෙන එකම විසදුම මෙතනින්……

 වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ අනභිබවනීය නිෂ්පාදක වගකීම් නාමය; ඩැට්සන්

Datsun

ඩැට්සන් යනු කලක් ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිත්වල විරාජමානව සිටි වාහනයයි. ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඩැට්සන් ගොඩ බහින්නේ 1957දී. අඩසියවසක පමණ කාලයක් ලාංකේය රථවාහන කරලියට සමුදී සිට යළිත් වැඩකිඩ රැසක් සමග ඩැට්සන් ආගමනය සිදු කර ඇත. වැඩකිඩ කිව්වම වාහනේ ක්‍රියාකාරීත්වය වගේම තවත් දෙයක් ගැන විශේෂයෙන් කිව යුතුයි. ඒ තමයි ඩැට්සන් වෙතින් පාරිභෝගික ඔබට සුවිශේෂ වරප්‍රසාදයක් ලෙස දෙන නිෂ්පාදක වගකීමේ සහතිකය. මෙය අනිකුත් තරඟකාරී රථවාහනවල වගකීම් සහතිකවලට වඩා පාරිභෝගික ඔබ කෙරේ බැඳී ඉන්නවා. ඒ ගැන කතා කරන්න කලින් ඩැට්සන් ඉතිහාසය ගැන පුංචි අවබෝධයක් අවශ්‍යයි.

ඩැට්සන් යනු?

ඩැට්සන් උපත ලබන්නේ ජපානයේ ය.

Datsun beginning 1

‘DAT’ යන්නෙහි තේරුම ජපන් බසින් ආලෝකයේ වේගය යන්නයි. එමෙන්ම මේ ව්‍යාපාරයට උර දුන් ප්‍රධාන පවුල් නාම තුනෙහි මුලකුරු ද මේ හා සබැඳේ. 1933 වසරෙදි නිසාන් සමාගමේ පියා වන යොෂිසුකේ අයිකාවා අලුත් දැක්මකින් යුතුව තමයි ඩැට්සන් වාහනය නිෂ්පාදනය කරන්නේ. ඔහුගේ දැක්ම වුණේ ජපන් තරුණයන්ගේ බලාපොරොත්තු එක්ක එකට මුහුවෙන වාහනයක් නිර්මාණය කිරීමයි. නිසාන් රථවාහන පවුලේ විප්ලවීය වෙනසක් කළ වාහනයක් තමයි ඩැට්සන්. ඩැට්සන් පාරිභෝගිකයන්ට හිතට බරක් නැති රථවාහන අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන්. මොවුන්ගේ සේවා සැපයීම, විනිවිදභාවය සහ මිලගණන් බොහොම ප්‍රශස්තයි.

 

ඩැට්සන් හි ශ්‍රී ලංකාවේ ආගමනය

Datsun images

ලංකාවේ රථගාය ඇති තරුණ හිත්වලට අමුතුම ආස්වාදයක් අරගෙන ඩැට්සන් ආගමනය ලංකාවේ සිද්ධ වෙන්නේ අලුත් ම අලුත් ‘Datsun redi-GO’ රථයත් එක්කයි. දැනටමත් සිලින්ඩර ධාරිතාව අශ්වබල 1000ට අඩු රථවාහන වෙළඳපොළේ අනෙක් වාහනත් එක්ක ඉතාමත් හොඳ තරඟයක් දෙන්න සමත් වෙලා තියෙනවා.

 

Datsun images 6මේ වෙනකොට ‘Datsun redi-GO’ වාහන 400ක් ලංකාවේ පාරවල් අතික්‍රමණය කරලා හමාරයි. ඩැට්සන් හි ප්‍රධානී වින්සන්ට් කෝබී කියන විදියට ඩැට්සන් රථයේ වටිනාකම සිහිනය (Dream), ප්‍රවේශය (Access), විශ්වාසය (Trust) කියන තුන් ප්‍රමිතීන් වටා භ්‍රමණය වෙනවා.

හැඳින්වීමේදි සඳහන් කරපු ඩැට්සන් පාරිභෝගික ඔබට පමණක් හිමි වෙන වරප්‍රසාදය තමයි වසර තුනක් දක්වා පවතින වගකීමේ සහතිකය හෝ 100,000KMක ධාවන සීමාවක වගකීමේ සහතිකය.

 

very happy womanසමකාලීන බොහෝ වගකීමේ සහතික බොහෝ විට එකම කොන්දේසියකින් රැඳී තියෙන්න ඉඩ ප්‍රස්තාව වැඩී. එක අතකින් වගකීම් සහතිකය අවුරුදු කීපයකට පමණක් සීමා වී තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ධාවන සීමාවකට පමණක් වගකීම් සහතිකය නිකුත් කරන්න පුළුවන්. නමුත් ඩැට්සන් පාරිභෝගික ඔබට ධාවන සීමාවෙන් නැත්නම් අවුරුදු කාල සීමාවෙන් යන තෝරාගැනීම් දෙකෙන් එකක් තෝරාගැනීමේ අවස්ථාව හිමී. මේ අවස්ථාව ලැබෙන්නේ ප්‍රථමයෙන් ම සිදුවන කාරණාව අනුවයි. එනම් අදාළ කිලෝමීටර් ගණනට පෙර වසර තුන ගත වේ නම් වගකීමේ සහතිකය බලපාන්නේ කාලසීමාව මත වේ. වසර තුනට පෙර අදාළ කිලෝමීටර් ප්‍රමාණය ගෙවා දැමීමට ආසන්න නම් ධාවන සීමාවට අනුකූලව වගවීම බලපැවැත්වේ.

පාරිභෝගික අවශ්‍යතාවයන් සහ අභිලාෂවලට අනුකූලව මේ රථය නිමැවී තිබෙනවා. අනිකුත් සම තත්වයේ වාහන එක්ක සසඳනකොට මෙය වර්ණ රැසකින් සංවිධිතයි. නූතන ඉංජිනේරු විද්‍යාවේ ආකර්ෂණීය හැඩගැන්වීම සහ සිත් ඇදගන්නාසුළු ධාවන අත්දැකීම නිසා ශ්‍රී ලංකාවේ නව පරම්පාරව නියත වශයෙන් ම ඩැට්සන් වටා එක්වන බව විශ්වාසයි. ඉන්ධන කාර්‍යක්ෂමතාවය අතිනුත් ඉහළ තැනක ඉන්න මේ රථය හැච්බැක් වර්ගයේ වීමත් තවත් සුවිශේෂ ලක්ෂණයක්.

datsun in Sl 2

‘Datsun redi-GO’ නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ චෙන්නායිවල. මේ වෙනකොට ලංකාව ඩැට්සන්ලගේ ගෝලීය වෙළඳපොළේ 13වන ස්ථානය හිමි කරගෙන ඉන්නවා. ලංකාවත් එක්ක මේ ලැයිස්තුවේ ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, රුසියාව, කසකස්තානය, බෙලරුස්, ලෙබනනය සහ දකුණු අප්‍රිකාව රැඳී ඉන්නවා.

Datsun images 1ප්‍රමාණය ගැන කතා කළොත් ‘Datsun redi-GO’ මි.මී 1635ක් පළලයි. මි.මී 1485ක් උසයි. මි.මී 3785ක දිගකුත් මේ වාහනය සතුයි. වාහනයේ කැබින් එක නිර්මාණය වෙලා තියෙන්නේ පවතින ඉඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියටයි. ඉදිරිපස ආසන දෙක සම්බන්ධයි. ඒ කියන්නේ ගියර් දාන්න තියෙන්නේ වෑන් එකක වගේම ඩෑෂ් එකක.

 

 

 

ඩැට්සන් ලංකාවේ අපිට මෙච්චර වටින්නේ ඇයි?

Datsun AMW

ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW) තමයි කාලයක් තිස්සේ ලංකාවේ අපිට නිසාන් වාහන සමීප කරේ. ‘Datsun redi-GO’ එකත් අත්වැල් බැඳගත්තේ AMW එකත් එක්කයි. මිල ගණන් සහ වාහන ශ්‍රේණි තොරතුරුත් එක්ක විකුණුම් ආරම්භය පහුගිය සැප්තැම්බරයේදී තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නිෂ්පාදක වගකීම අද වෙනකොට බොහෝ ආයතනවල ක්‍රියාකලාපය නිසා විහිළුවක් වෙලා. මුලින් ඉදිරිපත් කරන කොන්දේසි මේ ආයතන හිතුමනාපෙට සංශෝධනය කරනවා. ඒත් AMW සමාගම කියන්නේ කාලාන්තරයක් තිස්සේ ලංකාවේ අපේ විශ්වාසය රැකගත් ආයතනයක්.

AMW හී කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහත්මයා කියන විදියට සමාගමෙන් මෙවර පාරිභෝගිකයන්ට සුවිශේෂ වරප්‍රසාදයක් හිමි වෙනවා. වගකීමක්! ඉහතදීත් සඳහන් කරපු අසමසම වගකීමේ සහතිකය! හැබැයි එසේ මෙසේ වගකීමක් නෙවෙයි. අවුරුදු තුනක හෝ කිලෝමීටර් 100,000ක ධාවන දුරකට මේ අගනා වගකීම පාරිභෝගික ඔබට හිමි වෙනවා. මේ වගේ වරප්‍රසාදයක් හිමි වෙන්න නම් ගන්න වාහනය අනිවාර්යයෙන් ම ඩැට්සන් වෙන්න ඕනි. තවදුරටත් මේ ගැන කතා කළොත් ඉලෙක්ට්‍රොනික බල සුක්කානමක් සහ ඉදිරිපස ඩෑෂ්බෝර්ඩ් එකකුත් වාහනය සතුයි. සමකාලීනව වෙළඳපොළට ආපු අනික් වාහන අතර ‘Datsun redi-GO’ කැපී පෙනෙන්නේ මේ අසමසම වගකීම් සහතිකය නිසයි. හුරුබුහුටි හැඩයත්, හුරුබුහුටිකමට එහා ගියපු සේවා සැපයීමත්, විශ්වසනීය නිෂ්පාදක වගකීමත් ලංකාවේ රථ ලෝලීන්ගේ හදවත දැනටමත් පැහැරගෙන හමාරයි.

 

 

Man looking at toy car

“වාහනයක් ගන්නවා වගේ නෙවේ පහු වෙනකොට පුදුම කට්ටක් කන්නයි වෙන්නේ”

“නඩත්තු කරන එක නම් ලේසි වෙන්නෑ”

වගේ කතන්දර ‘Datsun redi-GO’ පාරිභෝගිකයන්ට අදාළ ම දෙයක් නෙවෙයි. අවුරුදු තුනක්ම වගකීම සහ එහෙම නැති වුනොත් කිලෝමීටර් ලක්ෂයක ධාවන වගකීමක් ලැබෙනවා කියන වචනයම වාහනය මිලදී ගන්නට ප්‍රථම පාරිභෝගිකයාට ලැබෙන අස්වැසිල්ලක්.

මේ වෙනකොට ලංකාවේ අපිට අතේ තියෙන මුදලට උපරිම වටිනාකම දෙන වාහනයක් මිලදී ගැනීම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා. වාහනයක් මිලදී ගැනීමේ ඉඳලා මිල දී ගත් පසුත් මේ විදියට සහනශීලි සේවාවක් සපයන්න මෑතකාලීනව මෝටර් රථ පරිචයේ බිහිවුණේ ඩැට්සන් විතරයි. ඉතින් තවදුරටත් වාහනයක් ගැනීමේ සිහිනය සිහිනයක් විදියටම පවත්වා ගත යුතු නැහැ.

Datsun images 4

මේ ගැන වැඩිවිස්තර දැනගන්න 0117 437 7777ට කෝල් එකක් දීලා ඇසෝසියේටඩ් මෝටර්වේස් එකෙන්ම විස්තර දැනගන්න පුළුවන්.

Share this post with your friends!