20වන ශත වර්ශයේදි ලොව පුරා පැවති භයානක භූත නගර පහක් පිළිබඳ තතු පැවසීමටයි මේ සුදානම……

ඉතාමත් සධාරණ හා භයානක හේතුවක් නොවන්නට කිසිදු අයෙක් තමන්ගේ නිවස අතැර යාමට තීරණයක් ගන්නේ නෑ..මානව ඉතිහාසය තුල යුධමය හේතූන් හා ස්වභාවික විපත් හේතු කොට ගෙන බොහෝ මිනිසුන් ට්තම නිවාස අතැර ගොස් තිබෙනවා..නමුත් භූත නගර යන හේතුව මත මිනිසුන් ඉවත් වීම වෙනස්ම කාරණයක්..මේවා 20 වන ශතවර්ශයට අයත් වන අතර මේවා හා පට බැඳුණු නොයෙකුත් කථාන්දර පවතී.මේ ස්ථාන පහයි..

1.ජපානයේ හශීමා දූපත
මෙය බැටල්ශිප් දුපත යනුවෙන්ද ප්‍රසිද්ධියට පත් වුවක්..මුහුදු පත්ල කරා යොමු වු විශාල උමං මාර්ග වලින්ද යුක්තයි.මිට්සුබිශි සමාගම 1890 දි මෙය මිලට ගත්තා.ඒ පතල් කැණීම සඳහායි.මෙය ඉක්මනින්ම නාගරිකරණයට ලක් වු අතර මෙම සමාගමේ රැකියා නියුක්තිකයින් තම පවුල් සමඟ මෙහි පදිංචි වුවා..

Hashima-Island-3

Hashima-Island-4

2.පිප්යැට්-යුක්‍රේනය.
මෙය 1970 දි ඉංජිනේරුවන් හා විද්‍යාඟයින් මගින් සොයා ගනු ලැබුවා.මෙය කීව් වලට කිලෝමීටර් 100ක් දුරින් පිහිටා තිබුවක්.චර්නොබිල් විනාශයෙන් පසු මෙය තහනම් නගරයක් බවට පත් වුනා.සියළු නාගරික පහසුකම් වලින් සමන්විතව තිබු මෙය 1986 දී සිදුවු මෙම විනාශයත් සමඟ අත්හැර දමනු ලැබු අතර එහි සිටි මිනිසුන්ද එම නගරයෙන් ඉවත් කලා..

Pripyat-1

Pripyat-2

3.කොල්මන්ස්කොප්-නැම්බියාව
මෙය ඉතා සශ්‍රීකව තිබු නගරයක්.ජර්මානු පතල් කරුවන් විසින් මෙය සොයා ගනු ලැබුවා.මෙය දියමන්ති වලට ප්‍රසිද්ධ නගරයක්..ජර්මානු රජය විසින් කරන ලඳ වැඩිදුර කැනීම් වලින් මෙය දියමන්ති වලින් පොහොසත් නගරයක් බව අනාවරණය වුවා..පසුව මෙය සියළු පහසුකම් වලින් සමන්විත නගරයක් බවට පත් වුවා.

Kolmanskop-1

Kolmanskop-2

4.ක්විනේට්‍රා-සිරීයාව
ඔට්ටොමන් යන කායේදි ඉදිවු නගරයක් ලෙස මෙය හැඳින්විය හැකියි.20වන ශතවර්ශයේදී බොහෝ අභූත සිදුවීම් වර්තාගත වු නගරයක් බවට මෙය පත් වුනා.1946 මෙය සිරීයානු රජයේම කොටසක් බවට පත් වුනා.1967 දි මෙය ඉශ්‍රායලය යටතට පත් වුනා.ඉන්පසු මෙම නගරය අත්පත් කරගැනීමට සිරියාව හා ඉශ්‍රායලය අතර සිදුවු ඝට්ටන නිසා නගරය විනාශ වි ගියා.ඉන් පසු සිරියාව නැවත මෙය ගොඩනැගීමට වෙහෙසුනේ නෑ..

Quneitra-1

Quneitra-3

5.ඔරාඩූර්-සුර්-ග්ලේන්-ප්‍රංශය
දෙවන යුද්ධ කාලය තුල නාසි වේෆන් යන සමාගම මෙම නගරය පාලනයට නතු කර තිබුනා.මෙහි සිටි මිනිසුන් යුද්ධය නිසා කුරිරු වඳ වේදනා වලට ලක් වුවා පමණක් නොව පල්ලි ගිනි තබා මිනිසුන් සමඟම විනාශ කළා.මෙය නැවත ප්‍රතිසංස්කරණය නොකල අතර මලවුන් සිහිවීම පිණිස එය විනාශ වු අයුරින්ම තිබෙනවා.ඒ වෙනුවට එම ගම අසලින්ම වෙනත් ගමක් ඉදි කළා.

Oradour-sur-Glane-2

Oradour-sur-Glane-4

Share this post with your friends!