හදිසියේ අතුරුදහන් වු ගඟ!

අවුරුදු සිය ගණනක් තිස්සේ භූමිය පිළිබඳ නොයෙක් පර්යේෂන සිදු කලද තවමත් අපේ දැනුමට ඔබ්බෙන් විශේෂ අද්භූත දේවල් සිදුවන බව ඔබ දන්නවාද? සමහරක් විට ඒවා තරමක් පුදුම සහගත බවක් දැක්වුවද ඒ දේවල් හි විද්‍යානුකූල පැතිකඩ තවමත් අපිට ප්‍රශ්නයකි. මෙක්සිකෝවේ වෙරකෘස් හි සිදුවු මෙම සිදුවීමද අතිශයින් පුදුම සහගතය.

අවුරුදු සියයක් තිස්සේ වෙරකෘස් හි ජනතාවට ඉතා සුවිශේෂි වටිනාකමක් ලැබුණු ඇටොයැක් නැමැති ගඟේ ඇති වතුර මෙම මස මුල් භාගයේදී රාත්‍රීයකදී හදිස්සියෙම අතුරුදහන් විය.

Ccl2thZXIAAQhPT

desktop-1457536958

මෙම සිදුවීම විද්යා ප්‍රබන්ධයක සිදුවීමක් සේ පෙනුනද මෙම ඡායාරූප මෙම සිද්ධියේ සත්‍යතාව නිරූපනය කරයි.

මෙයට හේතුව සේ සැලකෙන්නේ ගං පතුලේ සෑදි තිබෙන විශාල කුහරයකි. මෙහි ජනතාව පවසන අන්දමට ඔවුන්ට ඉරිදා රාත්‍රීයේදී යම්කිසි පුපුරන ශබ්දයක් ඇසි තිබේ.උදෑසන වන විට ගඟ සිඳි ගොස් ඇති බව දැනගැනීමට හැකි විය.

desktop-1457536962

desktop-1457537258

සියළු දෙනාම මෙයට හේතුව සෙවීමට පටන් ගත්හ.එහි ගම්වැසියෙක් පවසන අන්දමට නම් ගඟට ජලය ගැලීම නැවති ඇති බවත් මෙයට හේතුව ගං පත්ලේ සෑදී ඇති විශාල කුහරයය.රජයේ සෝදිසි කරන්නන් මෙහි වැරැද්ද භූ ගර්භ විද්යා දේපාර්තමේන්තුව වෙත පවරයි. ගඟ අසල පිහිටි පරිසර පද්ධතියද එහි පිහිටීමද තරමක් වෙනස්ය. මෙහි ඇති හුණු ගල් තලය මෙහි වැටීම නිසා මෙම ඉරිතලා යෑම සිදුව ඇති බවට ඔවුන් කියයි.

එය වැටුනේ කේසේද යන්න තවමත් පර්යේෂන කරමින් සිටී මෙම තත්වය නිසා එම ප්‍රදේශයේ මිරිදිය ධීවර්යින්ගේ තත්වයද ඉතා අයහපත් තත්වයකට පත්වී ඇත. එපමනක් නොව අනෙක් සතුන්ද එම ප්‍රදේෂය අත්හැර යාමට පටන් ගෙන ඇත. තවමත මෙම ගඟ නැවත ඇති කිරීමට නිසියාකාර සැලසුමක් නොමැති වීම දුකට කරුණකි.

Share this post with your friends!