වැලන්ටයින් එකකදි සැබෑවටම කාන්තාවන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

දැන් කාලේ වැලන්ටයින් එකට මල් පොකුරයි චොකලට් බොක්ස් එකයි නම් හරියන්නේ නෑ. එයට වඩා පුදුමාකාරවු සර්ප්‍රයිසස් ඔබේ ආදරවන්තිය බලාපොරොත්තු වන බව ඔබ දන්නවාද? කාන්තාවන් සැබෑවටම තෑගි වලට එහා ගිය අගය කිරීම් බලාපොරොත්තු වන කොට්ඨාශයක්.ඇත්තෙන්ම ඔබේ ආදරවන්තියව සතුටින් වගේම ආදරයෙන් පුරවලා තියාගන්න පුළුවන් ක්‍රම කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ සුදානම.. ලබන අවුරුද්දේ හරි වැලන්ටයින් සමරන්න පුළුවන් හොඳම විදී කීපයක් තමයි මේ…

1.ඇයට විවේකිව සුව නින්දක් ලබා දෙන්න..
post val 1
ඔබෙන් ඔබේ දරුවන්ගේ වැඩ වලින් කාර්ය බහුලව තිබෙන ඇයගේ ජිවිතයට විවෙකයක් ලබා දි ඇයව එම වැඩ කටයුතු වලින් නිදහස් කරන්න.ඇයගේ වැඩකටයුතු සියල්ල ඔබ භාරගෙන ඇයව එම දිනයේදි නිදහස්ව විවේකිව තබන්න..

2.ඇය වෙනුවට ඒ දිනයේදි දරුවන් බලා ගැනිමට වෙන කෙනෙකු යොදවන්න..
post val 5
ඇයව දරුවන්ගේ කටයුතු වලින් නිදහස් කොට එය වෙනත් අයෙකුට පවරා එදින ඇයව රැ කැමකට එළියට ගෙන ගොස් ඇය සමඟ විවේකිව නිදහසේ ආදරයෙන් ගත කරන්න.

3.ඇයගේ රථය පිරිසිදු කර දෙන්න..
post val 2
ඇයගේ බඩු බාහිරාදියෙන් පිරුණු වාහනය අස් කර පිරිසිදු කර දෙන්න..එය ඇයට මහත් අස්වැසිල්ලක් වේවි.එමගින් සැබැවින්ම ඇයව සතුටට පත් කරලිය හැකියි.

4.තාක්ෂණික මෙවලම් වලින් ඈත් වි එම දිනය ගත කරන්න
post val 6
ඔබේ ජංගම දුරකථනය, ටි.වි එක,හා අයි පෑඩ් , ටැබ් සියල්ලෙන් මිදෙන්න.ඇයට ප්‍රමුඛස්ථානය දී ඇය සමඟ හැකි තාක් කාලය ගත කරන්න…

5.ඇයට පාවහන් මිලට ගෙන දෙන්න.
post val 4
මල් හො චොකලට් වෙනුවට ඇයට පැළඳිමට ලස්සන පාවහන් මිලට ගෙන දෙන්න..සැබැවින්ම් ඇය එයට ප්‍රිය කරාවි.එපමණක් නොව ඇය සතුටු වේවි.
මේ සියළු උපදෙස් කේට් ඩෙස්මන්ඩ් ගෙන් සැබැවින්ම මෙම උපදෙස් ඔබේ සුවිශේෂි දිනය ඉතා සුවිශේෂි බවට පත් කිරීමට ඉවහල් වනු නිසැකයි..

Share this post with your friends!