වට්ස් ඇප් එකෙන් අළුතෙන්ම දෙයක් රිලීස් කරලා…….

ඔයගොල්ලෝ අවසිහියෙන් යවන සමහර මැසේජස් එහෙම නොයැව්වානම් හොඳයි කියලා හිතන අවස්ථා ඕන තරම් එනවා ඇතිනේ..පුංචි අඩියක් ගහලා යවන පිස්සු මැසේජ් වල බරපතලකම තේරෙන්නේ උදේට නැගිට්ටට පස්සේ නේද? ඉතින් ඒ වෙනකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඉතින් ඔන්න ඒ කරදර වලට වට්ස් ඇප් එක සොලියුෂන් එකක් දීලා තියනවා..ඒ තමයි වැරදිලා යවපු මැසේජ් ඩිලිට් කිරිමේ හැකියාව..වට්ස් ඇප් එකට පුළුවන් වෙලා තියෙනවා මැසේජ් එක එඩිට් කරන්න වගේම එකේ කොලිටි එක කොච්චරද කියලා බලන්න..

14242696559_9aed1c4d61_b

හැබැයි යවන්නා මෙය නොදුටුවොත් තමයි මේ දේ සාර්ථක වෙන්නේ කියලා බොහෝ අය කියන්නේ.වට්ස් ඇප් වලට අනුව රීඩ් කරපු මැසේජස් නිල් පැහැයකින් පාට වෙනවා.කියවලා නැති ඒවා අළු පැහැයෙන් දිස්වෙනවා.

nervous-girl-looking-at-phone-wide-feature

මේ ක්‍රමය දැන් ට්විටර් වලටත් ටෙස්ට් කරගෙන යනවලු.හැබැයි මෙහි තියන ගැටළුව මැසේජ් එක අයින් කර බව ‍යවන්නා දැන ගැනීම…හැබැයි ඉතින් එව්වේ මොකක්ද කියලා නම් දැනගන්නවා බොරු ඔන්න……

Share this post with your friends!