ලොව ඇති බිහිසුණුම ගස පිළිබඳ තොරතුරු ස්වල්පයක්……ඇත්තෙන්ම ඔබ මේ ගැන විස්තර දැනගත යුතුමයි…….

මැන්සනීටා ඩි ලා මුර්තේ යන මෙහි තේරුම නම් මරණයේ කුඩා ඇපල් ගෙඩිය යන්නය. මෙවැනි නමක් ඇසුනු විට ඔබට සුරංගනා කථාවක් ස්වරුපයක් මතු කලද ඇත්තෙන්ම එය එසේ දෙයක් නොව අතිශය බිහිසුණු දෙයකි.මෙම රස පළතුර ඇත්තෙන්ම බිහි වන්නේ ලෝකයේ ඇති භායානකම ශාකය තුලින්ය. එය නමින් මැන්චිනීල්ය. මෙය දකුණු ෆ්ලෝරිඩාවට, මධ්යම ඇමැරිකානු කැරිබීන් නැමැති පෙදෙසට, උත්තර දකුණු ඇමරිකාවට ආවේණික ශාකයකි. මෙම බිහිසුණු ශාකයෙහි ඇත්තේ දිදුලන කොළ පැහැයෙන් යුත් ඕවල් හැඩැති ශාක පත්රය.මෙය සමාන්ය පඳුරු වලට වඩා මඳක් උස් වන අතර මෙයට අඩි 50ක පමන උසකට විහිදිය හැක.ශාක පොත්ත අළු පැහැයට හුරු පැහැයකින් යුත් අතර මෙහි නිපදවෙන පළතුර සුවඳින් හා දැක්මෙන් ඉතා ප්රිය උපදවන සුළුය.කෙසේ වුවද මෙම ගසේ පහල සිට ගස මුදුනත දක්වා ඇති සෑම කොටසක්ම අතිශය මරාන්තික වන අතර එය රතු ලකුණු පහල කල ගසක් ලෙස නම් කර ඇත. මිනිසුන් මේ පිළිබඳ දැනුවත් කල ඇති අතර මෙවැනි ගස් තිබෙන ස්ථාවන වලින් මීටර් කීපයක් ඈතින් විසීමටද පවසා ඇත.මෙම ගසෙන් වැහෙන කිරි ස්රාවය දවන සුළු ගුණයෙන් යුක්තය.මෙම විශ සහිත ශාක සම්බන්ධ අධ්යනයන් සිදු කරන ඩේවිඩි නේල් පවසන්නේ මෙම යුෂ දෙස බැලීම හා සම්බන්ධතාවය නිසා පවා දරුණු ,ඉරුවාරදයන්,චර්ම රෝග,හුස්ම ගැනීමේ අපහසුතා මතු වන බවයි.සංචාරකයින්ට වැස්සකට පවා මෙවැනි ගස් යට නොසිටින ලෙස දැනුවත් කර ඇත්තේ ගසින් බේරෙන ජල බිංදුවකින් වුවද සම පිච්චීමට ඇති ඉඩකඩ නිසයි. 16 වැනි සියවසේ දි මෙම ශාකය මගින් විස සහිත ඉතල මෙන්ම වැසි සහිත දිනයන්වල මිනිසුන් මෙම ගස යට තබා ඒ වැටෙන වතුර වලින් ඔවුන්ව පුච්චා අන්ධ කිරීමද කැරලි කරුවන් පෙළඹී ඇත.ස්පාන්ඝ සටන් කාමියෙක් පවා 1521 දි මෙම විෂ ඉයකින් මරු මුවට පත් විය. මෙම ගසේ පට්ට පවා අති බිහිසුණුය. මේව කිසිම විටක පිච්චීම සිදු නොකල යුතු අතර ඒ දුමින් පෙනහළු,සම ,ඇස් වැනි දේ දවා අළු කල හැකිය.මෙය ඇපල් ගෙඩියක් ලෙස හඳුන්වා දුන්නද සැබැවින්ම මෙය ඇපල් ගෙඩියක් නොවේ. මෙම මැන්චීනීල් ගසෙහි ඇති පළතුරෙන් ඉතා කුඩා ස්වල්පයකින් වුවද මරාන්තික ප්රථිපල එනම් උගුර දිව පිච්චීම්, ශරීර අභ්යන්තර ලේ ගැලිම් පිච්චිම් වැනි දේ මෙයින් ඇතිවිය හැකිය. මෙය ආහාරයට ගත් රේඩියෝ විකිරණ ප්රතිකාර උපදේශකයෙකු වන නිකොලා එච් ස්ටික්ලන්ඩ් මෙය ආහාරයට ගැනීම නිසා මෙසේ පැය අටක් යනතුරු පෙර කි ලෙස උගුර හා දිව දැවීමට භාජනය කිරි හැරෙන්නට වෙන කිසිඳු දෙයක් ශරීර ගත කිරීමට අපහසු වි ඉතා කටුක අත්දැකීමක් ලැබ ඇත්තේ ඇය ෆ්ලෝරිඩා හි සංචරයක නියැළුලුනු අවස්ථාවේය. ඇගේ බසට කන් දී ඇගේ යහළුවාද මෙය අනුභව කිරිමෙන් පෙර කී තත්වයෙන්ම කටුක අත්දැකීමකට මුහුණ දුනි.දැව භාණ්ඩ නිශ්පාදකයින් පරිස්සමින් මෙහි දැව කපා අව්වේ වේලීම මගින් මෙහි ඇති විෂ පහ කරයි. ඉන් පසු ඔවුන් මෙයින් දැව භාණ්ඩ පවා නිෂ්පාදනය කරයි.තවත් අති දක්ෂයින් මෙහි ඇති ස්රාවය මගින් ගම් වර්ගයක් නිපදවන අතර ඒවා මගින් ජැමෙයිකාවේ නොයෙකුත් රෝග සඳහා ප්රතිකාර ක්රමයක් වශයෙන්ද භාවිතා කරනු ලබයි.මෙවැනි උපකාර ලැබුවද මෙම ගසෙහි ඇති භායානක ගති ස්වභාවය හා එයින් වන ආපදා නිසා මෙය පිළිබඳ සිතට නැගෙන්නේ භීතියකි.

dangerous-tree-1

dangerous-tree-2

poison-tree-3

dangerous-tree-3

dangerous-tree-7

Share this post with your friends!