ලැබුවා අවුරුදු කාලේ… ඇවිදින් මෙන්න වසන්තේ…

කොහා කෝල් කරන්නේ අවුරුදු කුමාරයටද? කුමාරියටද?
z_jun-p08-The-Sinhala-02
නෑ කොහා කෝල් කරන්නේ එයාගේ කිරිල්ලිටයි. ඒත් ඒ කෝල් එකත් එක්කම මුළු ගමම අවදිවන්නේ සින් සින් ගාලා අවුරුද්දට ලැහැස්ති වෙන්න.හරි එහෙනම් ළග ළගම එන අලුත් අවුරුද්දට නියමිත නැකැත් ටික තෙලෙන් ගත්ත උණු උණු කැවුම් වගේ මෙතනින්…

 

පරණ අවුරුද්දට නා ගමුද?
Ceremony_of_Annointing_Oil_and_bthing_01
1.පරණ අවුරුද්දට ස්නානය – අප්‍රේල් 12 වන බදාදා කොහොඹ කොළ යුෂ එක්ක නානු එකතු කරල හිතෙන් සුබ දෙයක් හිතාගෙන නාන්න. අලුත් අවුරුද්දට පිරිසිදුව ඇතුල් වෙන එක කෝකටත් හොදයි නේ.

 

එරබදු මල් මොට්ටු මොට්ටු කැවිලි පෙවිලි කිට්ටු කරන් අවුරුදු කාලේ!
z_p-18-Swing-01
2.අලුත් අවුරුදු උදාව – අප්‍රේල් 14 වන සිකුරාදා උදේ පාන්දර 2.04 ට. ඔන්න එහෙනම් අවුරුද්ද ලැබුවා.

 

සුදු වතින් සැරසිලා කිරි ටොයියෝ වගේ පන්සල් යමුද
z_jun-p08-The-Sinhala-05
3.පුණ්‍ය කාලය – අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7.40 ඉදලා 14 උදේ 8.28 වෙනකන් තමයි පුණ්‍ය කාලය. මේ වෙලාව අතරතුර කන්නේ නැතුව ඉන්නවනම් බොහොම හොදයි.

 

ඔන්න කැමැතිම දේට මුල පුරමු
z_jun-p08-The-Sinhala-01
4.ආහාර පිසීම – අප්‍රේල් මස 14 වන දින උදේ 5.41 ට තමයි ඕන් වැඩේ පටන් ගන්නේ. රත්තරන් පැහැති ඇදුමක් ඇදලා අම්මා කෑම හදද්දී සෙල්ෆී එකක් ගන්නත් අමතක කරන්න එපා. අම්මට මතක් කරන්න උතුර බලාගෙන ලිප ගිනි මොලවන්න කියලා.

 

ඉවසලා ඉවසලා ඔන්න බලන් හිටපු නැකත උදාවෙනවා
z_jun-p08-The-Sinhala-03
5. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය – අප්‍රේල් මස 14 වන සිකුරාදා උදේ 7.30 නිල් සහ සුදු මිශ්‍ර ඇදුමකින් සැරසිලා උතුර බලාගෙන තමයි මේ නැකැත සිදුකරන්න ඕනි. සතුට පිරිලා!

 

තෙල් ගාලා පේවෙමු
z_p16sri
6. හිස තෙල් ගෑම – 15 වෙනි සෙනසුරදා උදේ 11.04 ට උතුරු දිශාව බලා හිසට නුග කොලද පයට කරද කොලද තියලා නිල් පැහැති ඇදුමකින් සැරසිලා තෙල් ටික ගාගත්තනම් මරු!

 

ආයෙත් ඔෆිස් යන්නත් එපැයි

811499287-dad-goes-to-office-23564926
7. රැකී රක්ෂා වලට පිටත්ව යාම – අප්‍රේල් මස 17 වන සදුදා උදේ 6.28ට උතුරු දිශාව බලාගෙන තමයි මෙදා සැරේ ඔෆිස් යන්න තියෙන්නෙ. සුදු ඇදුමකින් සැරසෙන්න අමතක කරන්න එපා.

මේ අවුරුද්දේත් ඔයාල හැමෝටම සුබ සහ සියලු ප්‍රාර්ථනා ඉටු වෙල නිරෝගීමත්ව කල් ගෙවන්න වාසනාව ලැබේවා කියලා මාරයි අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Share this post with your friends!