මේ හැම කොඩියකම අපූරු දේවල් හැංගිලා තියනවා. මෙන්න ශ්‍රී ලංකාවේ කොඩියත් මෙතන!

මේ හැම කොඩියකම අපූරු දේවල් හැංගිලා තියනවා. මෙන්න ශ්‍රී ලංකාවේ කොඩියත් මෙතන!
තමන් ලෝකයේ විවිධ රටවල කොඩි ගැන ගොඩක් දේවල් දන්නවා කියා ඔබ හිතනවා වෙන්න පුළුවන්. ඒත් ඔබ නොදන්නා දේවල් කොතරම් තියෙනවාද කියා දැනගත්තොත් ඔබට පුදුම හිතේවි. උදාහරණයක් ලෙස භූතානයේ කොඩිය ගැන ඔබ දන්නවාද?

‘අයිල් ඔෆ් මෑන්’

desktop-1423517271

දිවයිනේ කොඩියේ තියන අද්භූත සංකේතය කුමක්ද කියා ඔබ දන්නවාද? මේ සංකේතය අවුරුදු දහස් ගණනකට කලින් මයිසීනීය සහ ලයිසියාව කියන ප්‍රදේශවල භාවිතා වෙලා තිබෙනවා. ඒක තමන්ගේ කොඩියට යොදාගන්නට ‘අයිල් ඔෆ් මෑන්’ තීරණය කළේ ඇයි කියන්නට කවුරුවත් දන්නේ නැහැ.

මොන්ගෝලියාව

mongolia

මොන්ගෝලියානු කොඩියේ තියන නිල් පටියෙන් අහසත්, රතු පටියෙන් තමන්ගේ රටේ රළු පරිසරය මැද වුණත් මොන්ගෝලියාව සතුව තියෙන දරාගැනීමේ හැකියාවත් නිරූපණය වෙනවා

සවුදි අරාබිය

saudi-arabia

සවුදි අරාබියේ කොඩියේ කඩුවෙන් සංකේතවත් වෙන්නේ රටේ ආරම්භක රාජවංශය වන House of Saud රාජවංශයයි. කොළ පැහැයෙන් රටේ ඉස්ලාම් බලපෑම නිරූපණය වෙනවා.

මොසැම්බික්

mozambique

මොසැම්බික් රටේ කොඩියේ තුවක්කුව, නගුල සහ පොත යන සංකේතවලින් නිරූපණය වෙන්නේ ආරක්ෂාව, ගොවිතැන සහ අධ්‍යපනය ගැන රට දක්වන කැපවීමයි.

ඇන්ගෝලා

desktop-1423517309

ඇන්ගෝලාවේ කොඩියේ ඇත්තේ දැති රෝදයක් සහ මන්නා පිහියක්. එයින් රටේ කාර්මික නැඹුරුව සහ යුද්ධ කෝලාහල නිරූපණය වෙනවා.

ඉක්වදෝරය

desktop-1423517308-1

රාජාලියගෙන් නිරූපණය වෙන්නේ ඉක්වදෝරයේ බලයයි.

බාබඩෝස්

desktop-1423517298

බාබඩෝස් රටේ කොඩියේ ත්‍රිශූලයෙන් නිරූපණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග තුනයි. කාම්බෝජයේ විශාලම පන්සල වෙන අන්ග්කෝර් පන්සලේ රූපයක් ඒ රටේ කොඩියට ඇතුළත් වෙලා තිබෙනවා.

ස්වාසිලන්තය

desktop-1423517295

ස්වාසිලන්තයේ කොඩියේ තියන හෙල්ල සහ පළිහ සංකේතවත් කරන්නේ රටේ දැඩි බවයි. කොඩියේ තිබෙන පිහාටු පාවිච්චි කරන්නට පුළුවන් රජ්ජුරුවන්ට පමණයි.

කෙන්යා

kenya

කෙන්යාවේ කොඩියේ කළු පැහැයෙන් රටේ ජනතාවත්, රතු පැහැයෙන් නිදහස් වෙනුවෙන් හෙලූ රුධිරයත්, කොළ පැහැයෙන් රටේ පරිසරයත් නිරූපණය වෙනවා.

ශ්‍රී ලංකා

sri-lanka

ශ්‍රී ලංකාවේ සිංහයාගෙන් නිරූපණය වෙන්නේ රටේ නිර්භීත බවයි. තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසාගත හැකි බව කඩුවෙන් නිරූපණය වෙනවා.

භූතානය

bhutan

භූතානයේ කොඩියේ ඉන්නේ රටේ පුරාවෘත්තවල එන ඩ්‍රක් කියන මකරායි. ඊට අමතරව තැඹිලි පාටින් සහ රතු පාටින් රටේ හැදියාව සහ බෞද්ධ දර්ශනය පෙන්නුම් කෙරෙනවා

Share this post with your friends!