මෙදා සැරේ අලුත් අවුරුද්දේ වියදම 20% කින් අඩු කරලා සතුට 100% කින් වැඩිකරන්නේ මෙහෙමයි….

මෙදා සැරේ ඔයාගේ අප්‍රේල් අවුරුදු කාලය සීතලෙන් කුල්මත් කරවන්න මහනුවර, හැටන් නැත්නම් නුවරඑළියේ යන්න!

එකම විදියට අවුරුදු නිවාඩුව ගතකරපු සම්ප්‍රදායෙන් අයින් වෙලා ගෙදර අයයි යාළුවොයි එක්ක ලොවෙත් නැති නිවාඩුවක සැප විඳින්න! ඒ කොහොමද? හරිම ලේසියි! කරන්න තියෙන්නේ Vista Rooms එකට ඇමතුමක් දෙන එක විතරයි. ජීවිත කාලයකට මතක හිටින අවුරුද්දක් ඔයාලාට දෙන එක එයාලා බලාගනී.

Vista Rooms ඔයාගේ තේරීම විය යුත්තේ ඇයි?

සරලයි! ගෙදරින් පිට ගෙදර හැඟීමෙන්ම හරිම අවුරුදු නැකතට ආහාර ගන්න ලැබෙන්නේ වෙන කොහේද? ඒ වගේම හැමෝම අවුරුද්දට එක පාරක් සහභාගී වෙන අවුරුදු ක්‍රීඩා සංවිධානය කරන්න කොළ පාට තණ පිට්ටනිවලින් වටවුණු ගෙදර වගේම වටපිටාව ඔයාලාට අවසර දේවි. ( විශ්වාස කරන්න, ගතානුගතික අවුරුදු ක්‍රීඩා ටිකක් සෙල්ලම් කරන්න අපිට බල කරන හෝටලයකට වඩා අපිටම ක්‍රීඩා සංවිධානය කරන්න දෙන තැනක් මම නම් එක පයින්ම තෝරාගන්නවා!)

Vista Rooms තේරීම පොකට් එකට දැනෙන්නේ නැති ගෙදර හැඟීම ඇති කරවන තේරීමක්. පොඩි ගාණක් වියදම් කරලා ලොකු සතුටක් ලඟා කරගන්න මේ නිසා පුළුවන්!

මේ විනෝදකාමී කාලය ඔයාගේම කරගන්න එන්න පළමු පියවර තියන්න…..

මහනුවර – සම්ප්‍රදායත් එක්ක තැවරුණු සිසිලසක්: අලුත් අවුරුදු හැඟීම එක්ක මුසුවෙන්න ඔයාට කියාපු ගමනාන්ත තමයි මේ. අවුරුද්දේ සුබ මුහුර්ත පිරුණු මේ කාලයේ නිවැසියන්ට ආශිර්වාද පතා ඕනිම වෙලාවක දළදා මාළිගාවට යන්න පුළුවනි.

මේ අවුරුද්දේ ඔයා තෝරාගත් ස්ථානය මහනුවර නම්, Vista Rooms ඉදිරිපත් කරන මේ අරුම පැකේජය බලන්න!

Kandy

ඔබේ තේරීම මහනුවර, විස්ටා රූම්ස් කැන්ඩි ලේක් විව් නම්,

Vista Rooms Kandy Lake View

ඔබේ තේරීම මහනුවර, විස්ටා රූම්ස් මූන් හිල්ස් හොටෙල් නම්,

Vista Rooms Moon Hills Hotel, Kandy

නුවරඑළිය – දාඩියෙන් සහ උණුහුමෙන් පිරුණු කොළඹින් ඈත් වෙලා සීතල හුළං පාරක සැප විඳින්න, ලොකු බ්ලැන්කට් එකක් අස්සේ ගුලිවෙලා ඉන්න හිතෙන්නේ නැද්ද? එහෙම නම් ඔයාව පිළිගන්නවා නුවරඑළියට, අපේ පුංචි එංගලන්තය – මීදුමෙන් පිරුණු උදෑසනකට කියාපු තැන, ගිනි උඳුනක් ගාව ඉඳන් උණුසුම් වෙන්න සීතලෙන් සහ ආදරණීය බවෙන් පිරුණු රාත්‍රීයක්! නුවරඑළියේ නවාතැන් ගන්න වෙන්වුණු මේ ස්ථාන දෙක බලන්න!

Nuwara Eliya

ඔබේ තේරීම නුවර එළිය, විස්ටා රූම්ස් අපර් ලේක් රෝඩ් නම්,

Vista Rooms Upper Lake Road

ඔබේ තේරීම නුවර එළිය, විස්ටා BNB ලේක් විව් නම්,

Vista BnB Lake View

 

හැටන් – දියඇලිවලින් වටවුණු මනස්කාන්ත හැටන් නගරයේ වතුකරයේ අපේම මිනිස්සු එක්ක තේ දළු නෙළන අත්දැකීමක් විඳගන්න! කඳුකරයේ තේ වතුවල වැවෙන හොඳම තේවලින් සප්පායම් වෙලා මේ අලුත් අවුරුද්ද පටන් ගන්න. තවත් මොනවාද? ශ්‍රී පාදය නගින්නත් පුළුවනි. Vista Rooms ඔයාගේ නවාතැන් පහසුව ගැන බලා ගනීවි.

Hatton

ඔබේ තේරීම හැටන්, විස්ටා ග්‍රීන්ඩේල් බන්ග්ලෝ නම්,

Vista Greendale Bungalow

ඔබේ තේරීම හැටන්, බිනොයා ටී එස්ටේට් බන්ග්ලො නම්,

Binoya Tea Estate Bunglow

එකම එක ඇමතුමයි, ට්රිප් එක ගොඩ – ඔයාලාට කරන්න තියෙන්නේ අවුරුද්දේ මේ විශේෂ කාලය කඳුකරයේ සීතලෙන් පිරුණු දර්ශනීය වටපිටාවක ගත කරන එක විතරයි. නැවුම් මානසික සුවතාවයකින් යුතු නව ඇරඹුමකට මේක හේතු වේවි!

දැන් ඔබට මේක සුවිශේෂි වන්නේ ඇයි? අපි ඒකයි දැන් කියන්න සූදානම් වෙන්නේ. මාරයි කියවන ඔබට හිතාගන්න බැරි තැග්ගක් ලබාදෙන්න Vista Rooms ලෑස්තියි. අපි ඔබට වට්ටම් කේතය ලබාදෙනවා.  ඔබගේ චාරිකාව අවසානයේ check out පිටුව මත එම වට්ටම් කේතය සටහන් කිරීමෙන් 20% අගනා වට්ටමක් හිමිකරගන්න ඔබට පුලුවන්. මෙතරම් අඩු මිලට ඔබට සුපිරි පන්නයේ අත්දැකීමක් ලබන්න පුලුවන් Vista Rooms එක්ක විතරමයි.

වට්ටම් කේතය – VISTALK
වලOගු කාලය – 2017 මාර්තු 20 වන දින සිට 2017 අප්‍රේල් මස 31 වන දින දක්වා (මෙදිනට පෙර ඔබ නවාතැන් වෙන් කරගතහොත් 2017 දෙසැම්බර් මස 31 වන දින දක්වා ඔබට මෙම වාසිය අත් විදින්න පුලුවන්)

තීරණයක් ගත්තද? Vista Rooms අමතන්න +94 7676 29831
වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ්අඩවියට පිවිසෙන්න – www.vistarooms.lk 

Share this post with your friends!