නිසි වේලාවට නිසි අන්දමින් ඥානය මෙහෙය වීම නිසා මෙම කාන්තාවට දිවි ගලවා ගැනීමට පහසු වුනා….

පැහැරගැනීමක් කියන්නේ සත්‍ය වශයෙන්ම ඇඟ හිරි වැටෙන සිදුවීමක්….නමුත් ඔබ වෙනස්ම රටක සිටින විට එවැනි දෙයක් සිදු වුවහොත් එය ඔබ සිතනවාටත් වඩා බියකරුයි නේද?බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන විසි හැවිරිදී මේරි කේට් මෙම සිද්ධියට මුහුණ දුන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදීය.ඇය ක්වින්ස්ලන්ඩ් හි වෙසෙන අවධියේ දැන හැදින ගත් පුද්ගලයෙකු මුණ ගැසි ඇයව ඔහුගේ කාරයෙන් ගොස් ඇරලවීමට කටයුතු කල නිසාත් ඇය තරමක් දුරට ඔහු පිළිබඳ දන්නා නිසාත් ඇය නොපැකිලිව කාරයට ගොඩ වුනා.මෙම මිනිසා ස්විඩනයෙන් වන අතර ඔහු 23 හැවිරිදි වියේ පසු වුවා.නමුත් යම් දෙයක් වැරදි ගොස් ඇති බව ඇයට තේරුනේ ඔහු යා යුතු මාර්ගයේ නොව වෙනත් මාර්ගයක ගමන් කිරීමට පටන් ගත් නිසාවෙනි.

wisdom-2

wisdom-3

wisdom-4

wisdom-5

ඉන් පසු ඇයට ඔහු කාරයෙන් බැසීමට ඉඩ නොදුන් අතර ඔහුගේ ඇස් වෛරයෙන් බැබලෙන අයුරු ඇය දුටුවා. ඉන් පසු ඔහු ඇයට පවසා ඇත්තේ ඇගේ ජOගම දුරකතනයේ සියලුම ගූගල් ඇප්ස් වසා දමන ලෙසටයි. මෙම අවස්තාවේදී ඇය ඉක්මනින් කල්පනා කර ඇය එම අවස්තාවේදී සිටින ස්ථානය ගූගල් මැප්ස් වලින් ස්ක්‍රීන් ශොට්ස් ගෙන ඇගේ පියාට යවා පවසා තිබෙන්නේ වහාම පොලිසියට කතා කර උදවු ඉල්ලන ලෙසටයි. මග දිගට ඇය දිගටම එලෙස තමා සිටින තැන තම පියාට යැවූ අතර අවසානයේදී පොලිසීයට ඔවුන්ව කොටු කරගැනීමට හැකි වුවා. නමුත් ඇය පොලිසියට පැවසුවේ ඔහුව අත් අඩOගුවට නොගෙන ඔහුට ඇති මානසික රෝගයට බෙහෙත් කරන ලෙසටයි. මාරයි නේ!

Share this post with your friends!