නැන්කට් හි අපූරු මුහුද!

ඔබ විශාල ජෙලෝ වැනි තටාකයක කිමිදීමට ආශා කරන්නේද? දොඩම් පැහැති ජෙලෝ වැනි තටාකයක් නිර්මාණය කිරීමට ජලයට විශාල පවුඩර් ප්‍රමානයක් මුසු කිරීමට සිදුවේ. ඒ කෙසේ වුවද එවැනි අත්දැකීමක් ලැබීමට ඕනෑම අයෙකු ආශා කරයි. ගිය වසරේ ජොනතන් නැමැති ඡායාරූප ශිල්පියා අපූරු සොයා ගැනිමක් සිදු කළා. එය නම් කෘතීම ජෙලෝ පූල් වෙනුවට ස්වභාවික මුහුදක් එවැනි ස්වරූපයකින් දිස්වනු සොයා ගැනීමයි. මෙහි ජලය ජෙලෝ පුල් වල ඇති ජලය ලෙස සැකසි ඇත. අත්ලන්තික් සාගරයේ සිදුවු මේ වෙනස සෑම විටම සිදුවන්නේ නැත. මෙය අසාමාන්‍ය ශීත දේශගුණය නිසා හිම මෙන් සෑදි ඇතැයි යන්න පිළිගැනේ.

ගංගා, ඇළ දොළ ගල් ගෑසීම සෑම වසරක සිදු වුවත් මුහුදක් එසේ වීම අතිශය අසාමාන‍යය. මෙවැන්නක් සෑම විටම ශීත සෘතුවේ දැකිය නොහැකිය.මෙය කැමරා කාචයේ සටහන් කරගැනීමට ඔහු යුහුසුළු විය. මෙහි එන ජලය මඳක් තද ගතියෙන් යුක්ත වන අතර හිම මෙන් පැමිනෙන දිය රළ ටික වේලාවකින් වෙරළ සීප ගනී. මෙම තත්වයේ වුවද ජල ක්‍රීඩා සඳහා මෙම කාලගුණ තත්වය එතරම් උචිත නොවන බව ජොනතන් ගේ මතයයි. මෙවැනි අසාමාන‍ය රළ දැකීමද ඉතා ප්‍රියජනක වන අතර මෙය කලාතුරකින් දක්නට ලැබෙන්නකි.

Share this post with your friends!