තමන්ගේ කඩය හොරා ගන්නට හැදුවොත් ඔයාලා කරන්න ඕනෑත් මේක තමයි!

තොග හෝ සිල්ලර භාණ්ඩ කඩයක සේවයේ නිරතවීම හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවන්නේ අද කාලයේ ඉන්න හොරු නිසා.එයත් සේවයේ නියුතු ඔබ පමණක් නම් තත්වය අතිශයින් භයානකයි..සොරු විතරක් නෙමෙයි..තනිව වැඩ කරන්නට සිදුවු විට කාර්යබහුලත්වය හා කරදරකාරි පාරිභෝගිකයන් නිසා ඇතිවන කරදරත් එමටයි..හැබැයි මේ සියළු දේට වඩා තනිව සේවයේ නියුතු වීමේදී ඇතිවන භයානකම ප්‍රශ්නය ඇතිවන්නේ සොරුන්ගෙන්..මෙම සිද්ධිය සිදුවන්නේ කැලිෆෝනියාවේ ෆ්‍රේස්නෝ හීදී..බැරිස්ටා ආපන ශාලාවේ සිටි තරුණ ගැහැණු සේවිකාවක් පමණක් සේවයේ සිටින තැනට සොරකම් කිරීමට සොරෙක් පැමිණියා.ඒත් මෙයා දැනන් හිටියේ නෑ මෙයා ආපු කාර්යය එතරම් ලේසියෙන් කිරීමට ඉඩ නොදෙන කෙනෙක් එතැන ඉන්නවා කියලා.මේ හොරාගේ නම රයන් ෆ්ලෝරෙස් කියලා අනාවරණය කරගෙන තිබෙනවා.මේ හොරාව බිම හෙලන්න ඉදිරිපත් වෙන්නේ එතැනට පැමිණ සිටි පාරිභෝගිකයෙක් වන ක්‍රේග් ජෙරී..මේ දිරිමත් බිය නැති මිනිසා සොරා මෙල්ල කරන හැටි නම් බලන්නම වටිනවා.

Share this post with your friends!