තමන්ගේම අවමංගල්‍ය උත්සවයේදී නැගිට දරුණු හෘදයාබාධයකින් නැවත මරු මුවට පත් වෙලා…..මාරම මාරයි නේ……..

යථාතථ්‍යට එහා ගිය කරුණු කාරණා බොහොමයක් ලෝකය තුල පවති.කෙනෙක් පැවසු පමණින් යම් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පිළිගත නොහැක. එයට නිශ්චිත පරික්ෂණ හා වෛද්‍ය නිගමනයන් වලින් තහවුරු වීම අත්‍යවශ්‍ය වේ.මෙවැනි අභූත සිද්ධියකට මුහුණ දුන්නේ 49 හැවිරිදි රුසියානු කාන්තාවකි.ඇය නමින් ෆගිලියුය.මෙම සිද්ධිය සිදුවි ඇත්තේ මීට වසර පහකට පෙර එනම් 2011 දීය.ඇය තම 51 හැවිරිදි සැමියාට හදිසියේම පැවසුවේ තමාගේ පපුව රිදෙන බවයි.ඇයව වහා වෛද්‍යවරයා වෙත රැගෙන යන විටත් ඇය අප්‍රාණිකව සිහි මද තත්වයෙන් විසීය.ඇය හෘදයාබාධයකට ලක්ව මිය ගොස් ඇතැයි පැවසු විට ඇයව එම්බාම් නොකිරීමට ඇයගේ සැමියා ඒ අවස්ථාවේ තිරණය කළා.මෘත ශරීරය සමාන්‍ය පරිදි මිහිදන් කල හැකි නම් එම්බාම් කිරීමට කිසිදු නීතීයක් රුසියාව තුල නොමැත. දින කීපයකට පසු ඇගේ මෘත ශරීරය මිනි පෙට්ටියක බහාලමින් අවමංගල්‍ය කටයුතු සුදානම් කෙරිණි.ඇගේ නෑදැයන් එක්ව හැඬු කඳුලින් යාකඳාවේ නිරත වෙමින් සිටිය අතර ඇය හදිසියේම මිනී පෙට්ටියෙන් නැගිටිය එවිට ඇය දුටුවේ මිනිසුන් ඇය වෙනුවෙන් හඬන බවත්, ඇය වෙනුවෙන් යාකඟාවේ නිරත වන ආකාරයත් ය. එවිට ඇයට තමාව වැළලීමට සුදානම් වන බව අවබෝධ වීය.ඇය උස් හඬින් විලාප දුන්නාය.ඇයව වහා රෝහල් ගත කෙරිණි.ඇයව වහා රෝහල් ගත කලත් ඇය සිටියේ රෝහල් ගත කොට විනාඩි 12කට ආසන්න කාලයක් පමණි.මෙවර ඇයට හෘදයාබාධය පැමිණ තිබුනේ අධික කම්පනය හේතු කොට ගෙනය.මේ පිළිබඳ ඇගේ සැමියා අධික ශෝකයට පත්වි තිබුණු අතර ඇය මිය ගොස් යැයි කලින් පැවසු වෛද්‍යවරයා සමඟ පසුවුයේ දැඩි ශෝකයකිනි.

presumed-dead-1

presumed-dead-2

presumed-dead-3

presumed-dead-4

Share this post with your friends!