ගුවන් යානා අනතුරකදී ජීවිතය රැකගන්න පුළුවන් ක්‍රම හයක් ගැන කියන්නයි යන්නේ!!!!

ගුවන් යානාවක පියාසර කරන්න ආශාව තිබුනට මොකද හිතට චකිතයක් එන එක අතිශය සමාන්‍ය දෙයක්..ඒත් ඉතින් ගුවන් යානය හදිසි අනතුරකට මුහුණ දුන්නොත් මේ ආශාවල් ඔක්කෝම නැති වෙලා යනවා..ගුවන් යානා අනතුරකදී එයට මුහුණ දීම හා ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන කියන්නයි මේ සුදානම..

flight-habits-1
1.ඔයාගේ ගමන් මළු සොයා වෙහෙසෙන්න යන්න එපා..ගුවන් යානා අනතුරක අවසානය ගුවන්යානය ගිනිබත් වීම. ඒ වගේ වේලාවක හැකි ඉක්මනින් එතැනින් අයින් වෙනවා මිසක් ගේනාපු ලට්ට ලොට්ට හොය හොය මහන්සි වෙන්න යන එකෙන් නැති වෙන්නේ ඔබේ වටිනා ජීවිතය…

flight-habits-2
2.ගුවන් යාන තටු වලට පිටුපස අසුනක් තෝරා ගන්න….මන්ද සමාන්‍ය ගණනය කීරීම් වලට අනුව මෙවැනි ආසනයක වාඩි වීම තුල බේරීමේ සම්භාවිතාව 69%ක්..

flight-habits-3
3.ඔළුව දණිස් දෙකේ ඔබාගෙන පය හොඳින් පොලවට තබාගෙන ආසන පටි පැළඳ සිටීමෙන්ද ජීවිතය බේරීමේ ප්‍රවණතාව වැඩි බව සිදුවු ගුවන් යානා අනතුරු සමීක්ෂණයෙන් හෙලි කොට ගෙන තිබෙන්නක්..

Man with oxygen mask hanging in front of face, on airliner
4.ඔක්සිජන් භටය මෙවැනි අවස්ථාවකදි හැකි ඉක්මනින් පැළැඳිය යුතුයි..නැතහොත් ඔබ ඔක්සිජන් අඩුවීමෙන් මියැදීමට පුළුවන්..

flight-habits-5
5.ගින්නට ඉක්මනින් හසුනොවන ඇඳුම් පැළඳීමට තරම් සැලකිලිමත් වන්න..පැතලි සෙරෙප්පු පළඳින්න…එය හදිසි අවස්ථාවකදී ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි..
flight-habits-6

Share this post with your friends!