ඔයා කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නවානම් කරන්න ඕනෑ දේවල් සහ අයුතු දේවල්…

කෙනෙක් එක්ක ඩේට් එකකට යනවා…කියන්නේ සමාන්‍යයෙන් හදවතේ ගැස්මක් ඇති කරන දෙයක්..හැබැයි ඉතින් මේ වගේ දේවල් වලදී කල යුතු දේවල් සහ නොකල යුතු දේවල් තියෙනවා..ගැහැණු ළමයෙක්ගෙන් එකපාරටම ෆෝන් නම්බර් එක ඉල්ලන්න ගියොත් නම් එක නම් හොඳ වැඩක් නෙමෙයි..හැම දෙයක්ම කරන්න ඕනෑ විදියකුයි කලාවකුයි තියෙනවා…

1.පොඩි ලස්සන උපක්‍රමයක් භාවිතා කරලා ඔබේ සිත් ගත් තැනැත්තාගේ දුරකථන අංකය ලබා ගන්න..

2.සෝෂල් මිඩියා වල ප්‍රයෝජනය ගන්න ඕනෑ මෙන්න මේ වේලාවට..ෆේස් බුක් එකවුන්ට් එකක් තියනවානම් ..ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එකක් දාලා පැය 15කිනුත් ප්‍රතිචාරයක් නැත්නම් ෆේස්බුක් පණිවිඩයක් යවලා බලන්න..

3.කිසිම වේලාවක ලැජ්ජාශීලී වෙන්න එපා.එය ඔබේ පෞරුෂයට හිතකර වෙන්නේ නෑ..

4.තුන්වැනි පාර්ශවයක් කිසිම විටක සම්බන්ධ කරගන්න එපා….එය ඔබේ ප්‍රතිරූපයටත් පෞරුෂයටත් කිසිම විටකදි හිතකර වන්නේ නෑ…එමගින් ඔබට නොව ඔබ සම්බන්ධ කරගන්නා පුද්ගලයාට ඔබ සිත් ගත් අයගේ අවධානය යොමු වීමට පුළුවන්…ඒ නිසා යාළුවන් නම් සම්බන්ධ කරගන්න එපා..

5.ප්‍රශ්න කිරිමට යම් දෙයක් ඇත්නම් එය සිත් ගන්නා සුළු හා විචක්ෂණශීලීව බුද්ධිය මෙහෙයවා ප්‍රශ්න කරන්න..

6.වැල් වටාරම් වෙනුවට ලස්සනට අවංකව ඔබේ සිතැඟි ඇය හෝ ඔහු සමඟ බෙදා ගන්න..අවංක වීම ඔබට සැම අතින්ම වාසි දායකය.නමුත් ඔබ වචන පාවිච්චි කරන විට එය සිහි බුද්ධියෙන් සිදු කල යුතුය..

7.කලින් පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ කිසිම විටකදි ප්‍රශ්න කිරීමට නොයන්න..එය ඔබට කිසිසේත්ම හිතකර නොවන අතර ඔබ ඇති කර ගැනීමට උත්සාහා කරන නව සම්බන්ධතාවයටද එහි අහිතකර බලපෑම් එල්ල විය හැක.

Share this post with your friends!