ඔබේ අත් කෙතරම් වේලාවක් සේදිය යුතුයි කියා ඔබ සිතනවාද? ඔබට ඒ ගැන සැකයක් තියනවානම් මේක කියවන්න……..

අත්වල පිරිසිදු භාවය ඉතාමත් අවශ්‍ය දෙයක්..මක් නිසාද යත් එදිනෙදා සිදු කරන වැඩ රාජකාරි සමඟ අත්වල නොයෙකුත් අන්දමේ බැක්ටිරීයා රැඳෙන්න පුළුවන්..ඉතින් මේ අත්වල රැඳෙන බැක්ටිරියා ඉවත් කරගන්නේ කොහොමද කියන එක ගැන අප නිතරම වද වෙනවා.අපේ අත් සේදු පමණින්ම බැක්ටිරීයා ඉවත් කරගත හැකිද?අත් සෝදන වාර ගණන අනුව අත් වල රැඳෙන බැක්ටිරියා ප්‍රමාණය පිළිබඳ හෙලි කර ගත් පරික්ෂණ දත්ත වර්තාවක් තමයි මේ..නොයෙකුත් අත් සේදීමේ ක්‍රම භාවිතා කල අතර මෙය සඳහා ග්ලෝ විෂබීජ නාශක භාවිතා කලා.ඒ සඳහා යුවි කැමරාවක්ද භාවිතා කළා.එහි ආලෝකය හරහා අත්වල රැඳි ඇති විෂබීජ ගණන හා කෙතරම් වේලාවක් හා ප්‍රමාණයක් අත් සේදීය යුතුද යන්න ගැන අවබෝධයක් මේ තුලින් ඇති වුවා.බොහෝ මිනිසුන් ඉක්මනින් අත සේදීම සිදු කරයි. එමගින් නිසි ලෙස බැක්ටිරියා ඉවත් නොවේ.අත සේදු පසු අතෙහි සුදු පැහැය වැඩි ප්‍රමාණයක් තිබේ නම් එහි බැක්ටිරියා වැඩියෙන් රැඳි ඇත.එමෙන්ම සමාන්‍යයෙබ් මිනිසුන් අත සේදීම සඳහා වැය කරන්නේ තත්පර හයකටත් අඩු සුළු කාලයක්.අවම වශයෙන් තත්පර 15ක පමණ කාලයක්වත් අත් සේදිය යුතු අතර සුදු පැහැය අවම වන විට අතෙහි ඇති බැක්ටිරියා ප්‍රමාණය අඩු බව ගණනය කරගත හැකිය.කෙසේ වුවද වැඩි වශයෙන් ඔබගේ අවධානට සෞඛ්‍යට යොමු කිරිම ඔබේ යහපතටම හේතු වේ..

Hands-and-Hygiene-Tested-with-Glo-Germ-Gel-Under-UV-Light-2

Share this post with your friends!