එන්න, අපිත් උදවු කරන්නට පෙළ ගැසෙමු!

ශ්‍රී ලාOකික අපිට අද වන විට මුහුණ දීමට සිදුවී තිබෙන ව්‍යසනය ගැන අමුතුවෙන් විස්තර කිරීමට වුවමනා නෑ. සෑම අවුරුද්දකම වාගේ මේ අවුරුද්දේත් මැයි මාසයේ පටන් ගත් නිරිතදිග මෝසම් වැස්සෙන් මේ වන විට මුලු රටම දරුණු ගOවතුර තත්වයකට මුහුණ දී තිබෙනවා. මේ ලිපිය ලියන මොහොත වන විටත් ගOවතුර සහ නායයෑම් වලින් මිය ගිය සOඛ්‍යාව 150කටත් වඩා වැඩි අතර අවතැන් වුනු පිරිස 160,000 වන බවයි ආරOචි මාර්ග පවසන්නේ.

c07549da2ed4442a8eccf26a60990139_18

විපතට පත් ජනතාව මුදා ගැනීමේ උදාර මෙහෙවර කරට අරන් තිබෙන යුධ හමුදාව නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක බලඇනි මේ වන විටත් මිනිස් ජීවිත සිය ගණනින් බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරත වී සිටිනවා.
Floods05292017_1

ඒ කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුලද තද වැසි අපේක්ෂා කරන අතර ඉදිරි තත්වය මීට වඩා දරුණු විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ.yimg_N8I6Y7-640x427

මේ මොහොතේ අසරණ වී සිටින අපේම ජනතාව වෙනුවෙන් හැකි උපරිම උපකාර කිරීමට අපි සහොදරත්වයෙන් බැදී සිටිනවා. ඔබට ජල බෝතලයකින් වුවත් ඔවුන්ට උපකාර කළ හැකි. රජයේ ආයතන සහ රාජ්‍ය නොවන සOවිධාන බොහෝමයක් සහන සේවා දියත් කර ඇති අතර පෞද්ගලික ආයතන රැසක්ද මෙම උතුම් කාර්යට දායක වී සිටිනවා. පහළින් අපි සදහන් කරන්නේ එම ආයතන සහ ඒ ආශ්‍රිත මූලාශ්‍ර කිහිපයක්.

ඔබට පහත සදහන් ආයතන වලට ඔන්ලයින් මගින් ආධර ලබා දෙන්න පුලුවන්.

1. රතු කුරුස සOවිධානය – නිසිලෙස පුහුණු වුනු කණ්ඩායමක් මේ සදහා යොදවා තිබෙනවා.

2. සර්වෝදය – ජාත්‍යන්තර ආධාර පවා ලබා ගැනීමට කටයුතු කරන මොවුන් පිසූ ආහාර සහ වියලි ආහාර ආදිය කෙළින්ම අවතැන් කදවුරු වලට ලබා දීමට කටයුතු කරනවා. කතා කරන්න 0114365114.

3. රවුන්ඩ් ටේබල් ශ්‍රී ලOකා – මොවුන් වියළි ආහාර සමග වෛද්‍ය උපකරණද ලබා දෙනවා. ඒ අතරම දැනට විපතට පත් ජනතාව නැවතී සිටින කදවුරු වල තත්වය මනාව කළමණා කර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. වැසි තත්වය පහව ගිය පසු ඔවුන්ට නව නිවාස තනා දීමටත් කටයුතු කරනවා. කතා කරන්න!

වියළි ආහර සහ අනෙකුත් ආධාර අපේක්ෂා කරන ආයතන

yimg_fzhTFX-344x480

1. යුනයිටඩ් චැරිටි – මෙරට බොහෝ වාණිජ ආයතන එකට අත්වැල් බැදගත් අවස්ථාවක් තමයි මේ. මේ ෆේස්බූක් පිටුවට ලොග් වී ඔවුන්ගේ ක්‍රියා පටිපාටියට උදවු වීමට ඔබටත් පුලුවන්.

2. මයි ක්ලීන් ශ්‍රී ලOකා – එකතු කරගත් ආධාර කරදරයට පත් ජනතාවට ලබා දීමට මෙම කණ්ඩායම යුහුසුලුව කටයුතු කරයි. ඔවුන්ට 0776479181 – කතා කර දැන්ම ඔබේ ආධාර උපකාර ලබා දෙන්න.

ස්වේච්ඡයා සOවිධාන ද හැකි පමණින් උදවු කිරීමට කටයුතු කරනවා. ඩිසාස්ටර් ග්‍රූප් වලට කතා කලොත් ඔබටත් ඔවුන් සමග සම්බන්ධ වී මේ උතුම් කාර්යට ඔබගේ ශ්‍රමය කැප කරන්න පුලුවන්.

අපි මේ කිව්වේ ඔබට උපකාර කල හැකි ආකාර කිහිපයක් පමණයි. රට පුරාම මෙවැනි මෙහෙයුම් දිගටම කරගෙන යනවා, ඒ අපේම සහෝදර සහෝදරියන් බේරා ගැනීමට. ඉතින් ඔබත් ඔබට හැකි පමණින් මේ මහගු කාර්යට දායක වෙන්න. මොකද අපේම මිනිසුන්ට උදවු අවැසිම මොහොතයි මේ.

3500 (1)

මාරයි අපේ ප්‍රාර්ථනය නම් මේ සියලු කරදර නිමාවී රටට ස්වාභාවික විපත් නොමැති තිරසාර කාල‍යක් ඉක්මනින්ම උදාවේවි යන්නයි.

 

Share this post with your friends!