අඩි 400ක් පොළව යට පිස්සු හැදෙන උද්යානයක්….විස්තර ටිකක් බලමුද?

කිසියම් තේමාවකට නිමවු උද්යානයක් වන මෙය කීප වරක් නැරඹු විට එයට ඇති අශාව පහව යයි.මෙය පිහිටා ඇත්තේ රොමේනියාවේ වන අතර උද්යාන පාලක නිළධාරින් මිනිසුන් මෙය කරා ගෙන ඒම සඳහා නව මානයන් සහිත නිර්මානශීලි දෑ මෙයට එකතු කිරීමට යුහුසුළු වෙයි.කිසිදා නොඇසු විරු නිර්මානශිලි ඇගයිම් උදෙසා ලැබෙන සම්මාන 5කට පාත්ර වීමටද මෙම උද්යානයට හැකි විය.මෙහි ඇති සුවිශේෂිත්වය නම් මෙය ඔවුන් නිර්මානය කර ඇත්තේ ඉපැරණි ලුණු පතලක්ව තිබු ස්ථානයකය.ටුර්ඩා යන නගරයේ අඩි 400ක් යටින් තිබෙන මෙම සැලිනා ටුර්ඩා නැමැති උද්යානය අද්විතිය ගනයේ උද්යානයකි.එයට හේතුව ස්කයි ෆයි නැමැති තාක්ෂනයත් සමඟ සොබාදහමේ සුන්දරත්වයද කැටි කොට නව මානයේ නිර්මාන මෙහි දක්නට ලැබීමයි.එමෙන්ම ත්රාසය පිරුණු පඬි හා විදුලි සෝපාන ඔබට අමුතුම හැඟිමක් දනවයි.මෙම උද්යානය පෙරළෙන පටුමඟකින්, බෝට්ටු පදින වැවකින්,කුඩා ගොල්ෆ් පිටියකින් ,පියාසර යානයකින්,රංග පීඨයකින් සමන්විත වන අතර වර්තා වලට අනුව වසරකට 600,000කට වඩා පිරිසක් මෙය නැරඹිමට පැමිනෙයි.මෙය ලුණු පතලක පිහිටා තිබීමද සංචාරක ආකර්ශනයට ලක් වීමට ප්රධාන හේතුවකි.ඔබ රොමේනියාවේ සංචාරයක නිරත වීමට මාන බලන්නේ නම් ඔබ අනිවාර්ය යෙන්ම යා යුතු උද්යානයක් ලෙස මෙය නම් කල හැකිය.

underground-theme-park-salina-turda-2

underground-theme-park-salina-turda-3

underground-theme-park-salina-turda-4

Share this post with your friends!