හොරකම් කරනවට හොඳම වැඩේ…………

සොරු අතරත් මෝඩ සොරුන් සිටින බව අමුතුවෙන් කිව යුතු නෑනේ…මේ තරුණයා දුටු විට එය වඩාත් හොඳින් පසක් වේවි….බ්‍රිතාන්‍යයේ වෙසෙන නරකම හොරා ලෙස හඳුන්වන මොහු නමින් සීන් ක්‍රෝශෝ..මෙය හොරා කන්නට තිබියදි නාන කාමරයේ ජනේලය තුල සිර වුවා..මේ සිද්ධිය නිසා මැන්චෙස්ටර් පොලිසියට නම් හරිම සතුටු හැඩයි.ඉතින් පොලිසිය ඇවිත් මේ හොරාගේ ඡායාරූප කීපයක් ගන්නත් අමතක කලේ නෑ.මේ ජනේලේ තිබුනේ පොළවේ ඉඳලා අඩි 15ක් පමණ උසකින්..

49474UNILAD-imageoptim-burglar-2

අවුරුදු 47ක් පමණ වන රැඩික්ලිෆ් නැමැති මෙම නිවාස හිමියා තමයි තම නිවසේ කවුළුවේ හිරවි සිටින මේ හොරාව මුලින්ම දුටුවේ.මෙයාව ගලවගන්න ගිනි නිවන භටයින් ගෙන්වලා විනාඩි 20ක පමණ මෙහෙයුමකින් තමයි ගලවා ගත්තේ..මේ නිසා සීන් කියන මේ හොරාගේ කනත් තුවාල වුනා.මේ හොරකමට මෙයාට අවුරුදු දෙකහාමාරක හිර දඬුවමකුත් ඉකුත් ජනවාරියේ නිකුත් වුනා.ආපහු ජනේලයකින් පනින්න නම් මේ හොරා දෙවරක් සිතනු නොඅනුමානයි.

Share this post with your friends!