අම්මා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් නේද?

මෑතකදි රොබට් කෙලිගේ දරුවන් ඔහු බිබිසි සම්මුඛ පරික්ෂනයක වැඩ කටයුතු මෙහෙය වන විට එතැනට ඇවිත් කරපු දඟ වැඩ හැමෝටම මතකයි නේ..ඉතින් නවසීලන්තයේ කොමඩි ෂෝ එකක් අම්මා කෙනෙක් මේ අවස්ථාවට මොන විදියට මුහුණ දෙයිද කියන එක ගැන අධ්‍යයනය කලා.මෙහි රඟ දක්වන්නේ ජනප්‍රිය කේට් වර්ඩ්ස්වර්ත්.ඇයත් රොබට් කෙලි මෙන්ම දකුණු කොරියාව සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් සිටියා.එක් වරම ඇගේ දියණිය එහි ඇතුළු වු පසු ඇය එම දරුවා උකුලේ හොවාගෙන ඇයට කවමින්,පොවමින් ප්‍රශ්න වලට පිළිතුරුද සපයමින් නිවසේ අනිකුත් වැඩද සිදු කරන අයුරු නිරූපනය කරනවා..මෙන්න මේවාට තමයි කියන්නේ එක් වර කටයුතු කීපයක යෙදීම කියලා..ඒකත් මාරයි නේ………

Share this post with your friends!