ඔබේ සුරතලා සමඟ ගන්නා සෙල්ෆි සඳහා එක්ව ඇති අපූරූ ස්මාට් ෆෝන් අංගය!

“පූච්” සෙල්ෆි නමින් ස්මාට්ෆෝන් සඳහා එක්වි ඇති මෙම නවතම අංගය බලු සුරතලුන් ඡායාරූපකරනය සඳහා සුවිශේශිව නිපදවා ඇත. මෙවැනි අංග රාශියක් වෙළඳ පල සඳහා එක්වී ඇති අතර සමහරක් කුඩා දරුවන් කැමරාකරනයේ දී කැමරාව දෙස බලා සිටින ආකාරයට ගත් අංගයන් මෙන් හුරුබුහුටි අංගයන් ද ඇත. මෙයද බලු පැටියන් සඳහා නිමවි ඇති එවැනි අංගයකි.

pooch4-768x767

pooch6-1-1024x737-768x553

pooch2-1024x756-768x567

pooch3-1024x576-768x432

බල්ලන් සඳහා සුවිශේෂි නිර්මාන සිදුකරන කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි සමාගමක් මෙය නිෂ්පාදනය කර ඇත. බොහෝ බලු සුරතලුන් ඇතිකරන්නන් ගේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ වැඩි වේලාවක් මෙම බලු පැටවුන් එක ඉරියව්වෙන් ඡායාරූප ගත කිරීම සඳහා ඇති අසීරුතාවයයි.නමුත් මෙම ‘පූච් සෙල්ෆි’ යන උපකරණය මගින් ඔවුන්ගේ ඡායාරූපකරණය තව දුරටත් අසීරු කටයුත්තක් නොවන අතර ටෙනිස් බෝලයක් අධාර කර ගනිමින් බලු පැටවුන්ගේ අවධානය එක් තැනක රඳවා ගැනීමට මෙය තුලින් හැකියාව ලැබී ඇත.මෙය දේහ ලක්ශන ඡායාරූපකරණය සඳහා අපූරු උපකරණයකි.

Share this post with your friends!