ඔබේ සුරතලාට කිසි විටක ඇල්කොහොල් නම් දෙන්න හිතන්නවත් එපා…..මේක කියවලා බලන්න…..

සමහර මිනිසුන් තම සුරතලුන්ට ඇල්කොහොල් පානය කිරීමට ලබා දීම ඉතා අගනා කවටකමක් ලෙස සලකනවා.ඇත්තෙන්ම එය මහා අනුවණ අදහසක්..ඔස්ට්‍රේලියාවේ වෙසෙන පශු වෛද්‍යවරුන් ඉතා දැඩි ලෙස මෙම තත්වයට දෝෂාරෝපණය කිරිමක් සිදු කොට තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ ඉකුත් කාලයේදි මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ නිවාඩු කාලය තුල සතුන් මගින් මෙවැනි අමානුශික වින්දනයන් ලබා ගැනීමට උත්සාහා කිරීම නිසයි.හැකිතාක් එවැනි අනුවණ ක්‍රියා වලින් වලකින ලෙසත් ඔබේ නොසැලකිලිමත් අවස්ථා නිසා සතුන් මෙලෙස පීඩාවට පත් වීම පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස පශු වෛද්‍යවරුන් වැඩි දුරටත් සඳහන් කොට ඇත.මක් නිසාද යත් සුරතලුන්ට ඇල්කොහොල් දියර විශ වීම් හා ආසාධන තත්වයන් ඉතා වේගයෙන් ඇති කරලීමට සමත් වන ද්‍රාවණයක් වීම නිසයි.හදිසි ආබාධ, ස්වසන අපහසුතා,නිදිමත ස්වභාවය,කෙලින් සිටීමට නොහැකි වීම,අධික මුත්‍රා වහනය වැනි දරුණු තත්වයන් ඇති කරලීමට මෙයට පිළිවන්.ඉතින් මෙවැනි අනුවණ ක්‍රියා වලින් වැලකි සිටින ලෙස අප ඔබගෙන් කාරුණිකව අයැද සිටිනවා.

drunk-dogs

Share this post with your friends!