අමුතුම ආකාරයේ සමාජ වෙබ් අඩවි ජාල තරඟයක්…සැබැවින්ම ආනන්දනීයයි..

කායකර් යන යාත්‍රාව පැද යන මෙම පුද්ගලයා සමාජ වෙබ් අඩවි ජාලා තරඟයකට සහභාගි වුවා. මේ තරඟය නිසා තල්මසුන් 10 දෙනෙක් හා ඩොල්පින් මාළුවන් 20 දෙනෙක් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව මොවුන්ට උදා වුනා.මෙම විඩියෝව නැරඹු විට සැබැවින්ම මෙය අදහාගත නොහැකි අවස්ථාවක් වන බව ඔබට පසක් වේවි.තල් මසුන් හට මයික් පෙලායෝ මිතුරෙක් වි ඇති බව මයික් ගේ යහළුවන් විඩියෝ ගත කල මෙම දර්ශනයන් ගෙන් ඔබට අනාවරණය වේවි.මෙම සිදුවිම් පෙළ වර්තා වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්.මයික් හීනෙකින්වත් නොසිතු අන්දමෙන් සමීපව තල්මසුන් දැක ගැනීමට ලැබීමත් පුදුමයක්….මෙම තරඟයේදි තල්මසුන් නැරඹීමේ අවස්ථාවක් හිමිවන බව දැන සිටියද මෙතරම් සමීපව නැරඹිමේ අවස්ථාවක් හිමිවේ යැයි නොසිතු බවත් මයික් වැඩි දුරටත් පවසනවා.මුඛය විවර කරගත් තල්මසුන් ක්‍රමයෙන් මයික් කරා ලං වන විට මයික් සිතා ඇත්තේ එය තමන්ගේ අවසානය කියාය.නමුත් එසේ තල්මසුන් පැමිණ ඇත්තේ තමා දෙන ආහාර ලබා ගැනීමට බව පසුව ඔහුට අවබෝධ විය.මෙය සැබැවින්ම ආශ්වාදජනක සිද්ධියක් බව පැවසිය යුතුය.

PAY-Mike-Pelayo (1)

PAY-Mike-Pelayo (2)

PAY-Mike-Pelayo (3)

Share this post with your friends!