ප්‍රථම මංගල ඇඳුම් ඡායාරූපය ශ්‍රි ලංකාවෙන්……….

විලාසිතා නිර්මානකරුවන් හා විලාසිතා නිර්මාන ගාරයක් විසින් මෙම ප්‍රථම ත්‍රිමාණ ඡායාරූපය නිර්මානය කර ඇත. මෙහි ශ්‍රි ලංකානු මංගල ඇඳුමක් නිර්මානය කර ඇත. මෙය චාර්ලින් තුරින් හා
ඇගේ කණ්ඩායම විසින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතා කොට ෆැබ්රික් හා නොයෙක් අමුද්රවයද යොදා මෙම ත්‍රිමාණ මංගල ඇඳුම නිම කොට ඇත. මොවුන් විසින් ප්‍රථම ත්‍රිමාණ ප්රාදර්ශිය විලාසිතාගාරය
2013 දී ලංකාවේ ආරම්භ කරන ලඳි.චාර්ලින් පවසන පරිඳි එක්තරා මනාලියක් ඇය ලඟට පැමින වෙනස් සහ අද්වීතීය මංගල ඇඳුමක් සකසා දෙන ලෙස සිදු කල ඉල්ලුමට අනුව මෙම නිර්මානය
සිදු කරන ලඳ බවත් මෙහි අග කොටස සම්පුර්නයෙන්ම ත්‍රිමාණකරනය කොට ඇති බවත් මෙම විලාසිතාගරයේ ප්රධාන අලෙවිකරු වන මිලින්ද මහතා එංගලන්තයේ අයි.බි ටයිම්ස් වෙත පවසා
ඇත. එක් කැටයම් කෑල්ලක් මුද්‍රණය සඳහා පැය දෙකක් ගතව ඇති අතර මෙහි ඇති මුළු කොටස් ගණන 700 කි. මෙම ඇඳුමේ අග කොටස නිර්මානය කිරීම සඳහා ගත වු මුළු කාලය මසකුත්
පැය 150 කි. මෙය පටන් ගත් දා සිට මෙය නිමවන තෙක් නොනිමි අශාවකින් පසුවු බව තුරින් මහත්මිය ත්‍රිමාණ විස්තර ඇතුලත් වෙබ් පිටුවක සඳහන් කොට තිබුණි.මෙය ලැබිය යුතු හොඳම
පරිභෝගිකයා ලැබෙන තෙක් ඇය සිටි බවද මෙවැනනක් මීට පෙර නොතිබුනු දෙයක් නිසාත් එයට සුදුසු පුද්ගලයාම ලැබෙන තෙක් ඇය ඉවසු බවද ඇය පැවසීය. මේ වන විට ත්‍රිමාණකරනය
නොයෙකුත් ක්ශේත්රයන් වන ඉංජිනේරු,ගොඩනැගිලි කර්මාන්ත, විලාසිතා යන අංග කෙරෙහි විහිදි ඇත. මෙවැනි නිර්මාන එළි දැක්වීමත් සමඟ ත්‍රිමාණ විලාසිතා අංග නිපදවීම කෙරෙහි මේ
වන විට වැඩි අවධානයක් යොමුව ඇත.ප්රොටොටයිප් ක්‍රමය අච්චු සැකසිමට වඩා සාර්ථක ලෙස ත්‍රිමාණකරනයේ පාවිච්ච් වන අතර එය මේ වන විට ලංකාව තුල ප්‍රචලිතව ඇත.එය ලාභ දායි
මෙන්ම ඉකමන් බව පෙරේරා මහතා පවසයි.ත්‍රිමාණ මුද්‍රණයේ යතුර විලාසිතා වන අතර ඉක්මනින්ම මෙවැනි එක් කොටසක ත්‍රිමාණකරනය සහිත ඇඳුම් නොව සම්පුර්නයෙන්ම ත්‍රිමාණකරනය
වු සාරි වැනි විලාසිතා ඉදිරියට ඒම තුල ශ්‍රි ලංකාවට නව මුහුනුවරක් ලැබෙනු නොඅනුමානය.

3d-printed-wedding-dress-1

3d-printed-wedding-dress

Share this post with your friends!