මෙදා සැරේ අලුත් අවුරුද්ද අලුත්ම විදිහකට සමරමුද? පවුලේ අයත් එක්ක අවුරුදු සමරන්න අලුත්ම ක්‍රම 8ක් මෙතනින්………

අලුත් අවුරුද්දක් ලබද්දි සාමාන්‍යයෙන් ඔබ මොකද කරන්නේ? මේ ප්‍රශ්නයට විවිධාකාර පිළිතුරු තිබ්බත් ඒවා හරිම සම්ප්‍රදායික දේවල්. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් අලුත්ම අලුත්, අලුත් අවුරුදු අත්දැකීමක් අත්විඳින්න ඔබත් කැමතිද? එහෙනම් විස්ටා රූම්ස් වෙතින් ලබාදෙන සහනශීලි සංචාරක පැකේජ පිළිබඳ මේ වියමන ඔබ වෙනුවෙන්මයි.

1) තල්මසුන් නැරඹීමේ පැකේජය

whale-watching-1

මිරිස්සේ ගිහින් තල්මස්සු බැලුවේ නැත්නම් ඒ ගිය ගමන අසම්පූර්ණයි. ටීවී එකෙන් නැත්නම් පොත් පත්තරවලින් දැකපු තල්මස්සු ඇත්තටම කොයි වගේද? මිරිස්සේ ‘Vista Rooms Mirissa Beach‘ වෙතින් ලබා දෙන තල්මසුන් නැරඹීමේ පැකේජය මේ ප්‍රශ්නයට උත්තර සපයන්නට සැදී පැහැදී ඉන්නවා. නවාතැන් පහසුකම, උදෑසන ආහාරය සහ තල්මසුන් නැරඹීම මේ පැකේජයට ඇතුළත් වෙනවා. මේ පැකේජයත් විවෘත අවම වශයෙන් දෙදෙනෙකුට පමණයි. පැය තුනක්ම තල්මසුන්ගේ ජීවිතය විඳගන්න ලැබෙන මේ සම්පූර්ණ පැකේජයටම එක් අයෙක්ට වියදම් වෙන්නේ රුපියල් 8999.00යි.

2) යාල සෆාරි පැකේජය

yala-wildlife-safari-1

සතුන්ගේ සැබෑ ලස්සන දකින්න පුළුවන් උන් නිදැල්ලේ ඉන්න විටදී විතරමයි. කූඩුවක ඉන්න සතා සහ වාසභූමියක සතුටින් ඉන්න සතා සම්පූර්ණයෙන් වෙනස් සත්ව කොට්ඨාස දෙකකි. ‘Vista Rooms Yalaway‘ වෙතින් ලබා දෙන පැය හතරක සෆාරි අත්දැකීමෙන් සතුන් නියමාකාරයෙන් දැකීමේ භාග්‍යය ඔබටත් විඳගන්න පුළුවන්. උදෑසන ආහාරවේල, සෆාරි අත්දැකීම, නවාතැන් පහසුකම යන පහසුකම් සපයන මේ සම්පූර්ණ පැකේජයට එක් අයෙකුට වියදම් වන්නේ රුපියල් 2499.00ක් වගේ පුංචි මුදලක්. අවම වශයෙන් අට දෙනෙකුට මේ පැකේජය එකවර ලබාගැනීමට විවෘතයි.

3) ස්කූබා ඩයිවින්ග් පැකේජය

scuba-1

මේ පැකේජය ඔබට ලබා දෙන්නෙත් හික්කඩුවේ ‘Vista Rooms Hikkaduwa Beach 7‘ වෙතින්මයි. ස්කූබා ඩයිවින්ග් කරන්න ලොස් නැතුව පැය දෙකක්ම විස්ටා රූම්ස් ඔබට වෙන් කරලා තියෙනවා. නවාතැන් පහසුව, උදෑසන ආහාරවේල සහ ස්කූබා ඩයිවින්ග් ඇතුළත් මේ පැකේජයට එක් අයෙක්ගෙන් අයකරන මුළු මුදල රුපියල් 17299.00යි. මේ අවස්ථාව ලැබෙන්නෙත් අවම වශයෙන් දෙදෙනෙකුට පමණයි. නිල්කැට අතුරලා වගේ තියෙන හික්කඩුව මූදු පත්ලේ ලස්සන තමන්ගේ ආදරණීයයෙක් එක්ක බලන්න ලැබෙන මේ වගේ අවස්ථාවක් මගහරින්නේ කවුද?

4) සර්ෆින්ග් පැකේජය

surfing-package-1

පැකේජයන් අටකින් සංවිධිත මේ ආස්වාදයේ පළමුවැන්න සර්ෆින්ග් ක්‍රීඩාව ප්‍රමුඛ කරගත් පැකේජයයි. හික්කඩුවේ පිහිටා තිබෙන ‘Vista Rooms Hikkaduwa Beach 7‘ නම් දරන හෝටලයෙන් තමයි මේ පැකේජය ඔබට ලබා දෙන්නේ. මේ පැකේජයට නවාතැන් පහසුකම, උදෑසන ආහාරවේල සහ සර්ෆින්ග් ඇතුළත් වෙනවා. සර්ෆින්ග්වලට වෙන් කරලා තියෙන කාලය පැයක්! මේ පැකේජය අවම වශයෙන් විවෘත දෙදෙනෙකුට පමණයි. මේ වින්දනාත්මක අත්දැකීම විඳගන්න එක් අයෙකුට දරන්න වෙන මුළු වියදම රුපියල් 8899.00ක් පමණයි.

5) අගනා උරුමයන් නැරඹීමට බයිසිකල් චාරිකා පැකේජය

cycle-tour-package-1

ගාල්ලේ ‘Vista Rooms Galle Fort 3‘ වෙතින් ලබාදෙන මේ නවමු අත්දැකීමෙන් ගම්බද සුන්දරත්වය ඇඟටම දැනෙන්න විඳගන්න පුළුවන්. නවාතැන් පහසුකම, උදෑසන ආහාරය, බයිසිකල් පැදීම, අතරමග මහන්සියට කන්න බොන්න දේවල් පවා මේ පැකේජයට අයිතියි. පැය එක හමාරක කාලයක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. අවමය වශයෙන් මේ අවස්ථාව හිමි සිව්දෙනෙකට පමණයි. එක් අයෙකුට සම්පූර්ණ පැකේජයටම අය කරන්නේ රුපියල් 7299.00ක් පමණයි. යාළුවෝ එක්ක හරි ගෙදර අයත් එක්ක හරි වෙනස් විදියට ගාලු පුරේ සිරි බලන්න ඕනි නම් මේ අවස්ථාව මගහරින්න එපා.

6) යෝගා සහ භාවනා කිරීමේ පැකේජය

yoga-and-meditation-package-1

ඇල්ලේ ‘Vista Rooms Eco Point‘ විසින් ලබාදෙන මේ පැකේජය අන් පැකේජ හා සැසඳීමේදී වඩාත් සුවිශේෂි බවක් උසුලනවා. අන් පැකේජවල සහභාගි විය හැකි අවමයක් සඳහන් වුණත් මේ පැකේජයට එවැනි සීමා නැහැ. කාලයත් අසීමාන්තිකයි. ඔබට රිසි පමණ යෝගා සහ භාවනා කරන්නට පුළුවන්. නවාතැන් පහසුකම, උදෑසන ආහාරය, යෝගා සහ භාවනා කිරීම, භාවනා මධ්‍යස්ථානයට ප්‍රවාහන පහසුකම යනාදි අංගවලින් සැදි මේ වටිනා පැකේජයට එක් අයෙකුගෙන් අය කරන්නේ රුපියල් 7299.00ක් පමණයි.

7) ඇල්ලේ කඳු තරණය කිරීමේ පැකේජය

hiking-package-to-ella-1

ඌවේ ලස්සන බලන්න යන්නම ඕනි පළාත තමයි ඇල්ල කියන්නේ. ඇල්ල ප්‍රසිද්ධ කඳු නැගලා ලංකාවේ ලස්සන විඳගන්න නමගිය ස්ථානයක් විදියටයි. ඇල්ලේ ‘Vista Rooms Eco Point‘ විසින් ලබාදෙන පැය තුනක කඳු තරණය ජීවිතයේ ඔබ මෙතෙක් අත් නොවිඳපු අත්දැකීමක් ලබා දෙනවා සිකුරුයි. නවාතැන් පහසුකම, උදෑසන ආහාරවේල සහ කඳු නැගීම යන මේ තුනම ඇතුළත් සම්පූර්ණ පැකේජයේ වියදම එක් අයෙකුට රුපියල් 5999.00යි. ඒ වගේම මෙය අවම වශයෙන් සිව්දෙනෙකට විවෘත වෙනවා. යාළුවෝ ටිකත් එක්ක ජීවිත කාලයක මතකයක් එකතු කරගන්න මීට වඩා අවස්ථාවක් ලැබේවිද?

8) ශ්‍රී පාද අඩවිය තරණය කිරීමේ පැකේජය

hiking-package-to-adams-peak-1

ශ්‍රි පාදස්ථානය ආගමික වශයෙන් උතුම් ස්ථානයක් වගේම පාරිසරික වශයෙන් ජෛව විවිධත්වය අධික භූමියක්. ඒ විව්ධත්වයේ රසතැන් සොයා යන්නට ඇල්ලේ ‘Vista Rooms Eco Point‘ හෝටලය සූදානම්. නවාතැන් පහසුකම, උදෑසන ආහාරවේල, ශ්‍රී පාදය තරණය කියන අංගවලින් සුසැදි මේ පැකේජය අවමය වශයෙන් සිව් දෙනෙකුට විවෘතයි. පැය හතරක කාලයක් හරිත අඩවියක අසිරිය විඳගන්න ලැබෙන මේ අවස්ථාවට එක් අයෙකුට වියදම් වන්නේ රුපියල් 5999.00ක් පමණයි.

ඇයි ඔබ විස්ටා රූම්ස් ම තෝරා ගත යුත්තේ?
උසස්ම තත්ත්වයේ අමතක නොවන අත්දැකීම් – අපේ නවාතැන් ඔබ සිතන සියලු අOගෝපාOග වලින් සමන්විතයි.
අති විශිෂ්ට සේවාව – සුදුසුම හා පහසුම වල අගනා නවාතැන්, නොකඩවා ලැබෙන ඉහලම ප්‍රතිචාර.
විස්ටා රූම්ස් අපි නිතරම සෝදිසියෙන් – නිරන්තරයෙන් සෑම අOශයක් කෙරෙහිම අවධානය යොමු කිරීම සදහා අපටම අනන්‍ය වූ දියුණු ක්‍රම 20කටත් වඩා විස්ටා රූම්ස් සතුයි.
ඉතින් ලංකාවේ ලස්සන දැක බලාගෙන අලුත් අවුරුද්දට අලුත් විදියට මුහුණ දෙන්න Vista Rooms එක්ක එකතු වෙමු. එසේ ඇයි තවත් බලන් ඉන්නෙ? ඔබේ අලුත් අවුරුදු වෙනස දැන්මම ලෑස්ති කරන්න. මෙම link  එක click කර ඔබගේ තොරතුරු අපට දෙන්න.

Share this post with your friends!