විවාහ දිනයේදී මනමාලයාව පුදුමයට පත් කිරීමට ගිය මනමාලියට සිදුවු අවසනාවන්ත සිදුවීම……………

රොසිමේරෝ ඩෝ නසිමෙන්ටෝ සිල්වා නැමැති 32 හැවිරිදි තරුණිය තම මනමාලයා බ්‍රසීලයේ සවෝ පෝලෝ පල්ලියේ අල්තාරය මත තමා පැමිනෙන තෙක් බලා සිටියදි මරණයට පත් වුවාය.මනමාලියගේ කුඩා කල සිටම සිහිනයක් වුයේ ඇයගේ විවාහා මංගල්‍යය දිනයේදි හෙලිකොප්ටරයකින් පැමිණ මනමාලයා කරා පැමිණිමටයි.නමුත් අවාසනාවන්ත ලෙස පල්ලියට සැතපුමක් පමණ තිබියදි මෙය අනතුරට ලක් විම නිසා යානය විනාශ විමෙන් ඇය මරු මුවට පත් විය.ඇයට අවශ්‍ය වුයේ ඇගේ මනමාලයා සහ 300ක් පමණ වන අරාධිතයින් පුදුමයට පත් කිරීමටයි.නමුත් දෛවයේ සරදමක් විලසින් විවාහා ස්ථානයට සැතපුමක් පමණ ඈතින් යානය අනතුරට පත්ව විනාශ වීය.. මෙහිදි මනාලිය වන රොසමේරෝද ඇගේ සහෝදරයාද,ගුවන් නියමුවා සහ සය මස් ගැබිණියක වන ඇගේ ඡායාරූප ශිල්පියටද ඔවුන්ගේ ජිවීත අහිමි විය. පොලිසීය හා ගුවන් යානා බළධාරීන් තවමත් මෙම අනතුරට හේතුව විමර්ෂණය කරමින් පවති.සමහරක් විට තිබුණු අයහපත් කාලගුණ තත්වය නිසා මෙය ගසක වැදුණාදැයි සැක සහිතය.මෙයින් අධික කම්පනයට පත් වුයේ මනාලයායි…මිනිත්තු 15ක් පමණ දුරක තිබු ගමනක සිදුවු අවාසනාවත ඛේදවාචකයක් ලෙස මෙය හැදින්විය හැකිය.

noiva-2

noiva-1

noiva-2

noiva-3

Share this post with your friends!