ලෝකයේ වයස්ගතම කාන්තාව තම දීර්ඝායුෂ අත් වීදීමේ සැඟව ඇති රහස හෙලි කරයි………………

ඇය නමින් ඉතාලි ජාතික කාන්තාවක වන එම්මා මොරානෝය..ඇය තම 117 වැනි උපන් දිනය මෑතකදී සැමරීය.1800 වර්ෂ වල උපත ලද දැනට ජිවත් වන අවසාන ජීවන පුරුක ඇයය.කුකීස් සහ බිත්තර ආහාරයට ගැනීම ඇගේ දිර්ඝායුෂ ජිවිතයට හේතු වු බව ඇය වැඩි දුරටත් පැවසිය.ඇය දිනකට බිත්තර දෙකක් හා කුකිස් පමණක් ආහාරයට ගන්නියකි.ඇයගේ දත් සියල්ල ගැලවි ඇති නිසා ඇයට බොහෝ ආහාර ගත නොහැකි බවද ඇය පැවසීය.මෑතකදි ඇයගේ වැඩිමහල් ලේලියන් දෙදෙනා හා නෑ සුමිතුරන් සමඟ ඇය ඇයගේ උපන් දිනය සමරනු ලැබුවා.ඇයට සෞඛ්‍යමය ගැටළුද පවති . ඇය සම්පුර්ණයෙන්ම බිහිරි වන අතර පෙනීමේ දුර්වලතාද පවති.ඇයට වයස 26දි ඇයගේ සැමියා පළමු ලෝක යුද්ධයෙන් මියැදුණු අතර පසුව බලහත්කාරයෙන් සිදු කල කසාදයේ සැමියාගෙන් 1938 දී වෙන් විය.ඉතාලි ජනපතිගේ හා නොයෙකුත් සුභ පැතුම් ද ඇයට ගලා එයි.කෙසේ වුවද ඇගේ සමාන්‍ය වෛද්‍යවරයා පවසන්නේ ඇයගේ ජානමය ස්වරූප නිසා ඇයට මෙසේ දීර්ඝායුෂ අත් විදිය හැකි බවයි.කෙසේ වුවත් මෙහි සත්‍යතාව තහවුරු වන තුරු බිත්තර ආහාරයට ගැනීම සුදුසු බව මගේ හැඟිමයි.

oldest-woman-1

oldest-woman-2

oldest-woman-3

oldest-woman-4

Share this post with your friends!