ඔබේ නියපොතු වල ඇති සුදු තිත් හි සැඟවි ඇති සත්‍යය කුමක්ද කියා ඔබ දන්නවාද?

ඔබේ නිය මත සුදු පැහැති ඉරක් හෝ සුදු තිත් ඇත්නම් ඔබ බිය විය යුතු නෑ..ඇත්තෙන්ම මෙය සම්බන්ධ නොයෙක් මිත්‍යා මත ගොඩ නැගි තියෙනවා.මෙවැනි තිත් ඇති විට එය කැල්සියම් හි අඩු පාඩුවක් ලෙසත් පිළිකා කාරක තත්වයක් ලෙසත් යැයි සිතා බොහෝ අය බියට පත් වනවා. නමුත් මෙහි සැඟවි ඇති කරුණ නම් මේ එවැනි බිය විය යුතු තත්වයක් නොවේ.මෙය නියපොතු වල අසමතුලිත තාවය නිසා ඇතිවන තත්වයක්.අළුත් නිය සෛල වර්ධනය වන විට මෙලෙස හානියට හා අවපැහැ ගැන්වුනු නියපොතු ස්වභාවිකවම මරණයට පත් වනවා.සමහරක් අවස්ථා වලදි මෙය නියපොතු ආසාධන තත්වයක් නිසා ඇති වීමටත් පුළුවන්.කෙසේ වුවද පහත ඡායාරූපයේ දැක්වෙන පරිදි ඔබට නිරන්තරවම මෙම සුදු ඉරි තත්වයන් හෝ අවපැහැ ගැන්වීම් ඇතිවන්නේ නම් එය යම් කිසි දෙයක් ශරීරයට විෂ වීම නිසාත් සිදු විය හැකියි.ඔබ මේ පිළිබඳ වඩා විමසිලිමත්ව කනස්සල්ලට පත් වන්නෙකු නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

Share this post with your friends!