සාමාන්‍යයෙන් ඩොලර් 600 ක් පමණ වියදම් වෙන තායිලන්ත සවාරියක් යනවාද? නැතිනම් ඊට වඩා අඩු වියදමකින් වැඩි විනෝදයක් ලැබිය හැකි මාලදිවයින තොරාගන්නවාද?

තීරණයක් ගන්නට ඔබට උදවු වෙන්නට අප සූදානම්!
තායිලන්තය යනු කවුරුත් පුරුද්දට මෙන් තෝරාගන්නා තැනක්. නමුත් මාලදිවයින වෙත යන්නේ ඒ ගැන සැබවින්ම උනන්දු වෙන අය පමණයි. අතේ ඇති මුදලට හිතේ හැටියට ඔබ සිතන පතන නිවාඩුව අත්විඳින්නට ඔබ කැමතිද?

beaches

romantic-dinner

scuba-diving

Vista Rooms නිසා දැන් ඔබටත් අතේ මිටේ මුදල් හදල් ඉතිරි වෙන ආකාරයට මාලදිවයින් සංචාරයක යෙදෙන්නට පුළුවන්.

1. මාලදිවයිනට යන හැටි
මාලදිවයිනට යන්නට සුදුසු කාල දෙකක් තිබෙනවා. ඒ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා සහ මැයි සිට නොවැම්බර් දක්වා. මේ කාලයේ ඔබට off-season වාසි ලබාගන්නට පුළුවන්. ගුවන් සේවා කිහිපයක්ම මාලදිවයින වෙත පියාසර කරනවා. ගුවන් ටිකට්පත් වල මිල සාපේක්ෂව තායිලන්තයට පියාසර කරනවාට වඩා අඩුයි. නව Gan Island ගුවන් තොටුපළ නිසා දැන් මාලදිවයිනට යාමට සහ ඒමට ඩොලර් 255 ක් වැනි මුදලකට ටිකට් පතක් ලබාගන්නට පුළුවන්.

flight

ඉඟියක්: සති තුනකට කලින්, අඟහරුවාදාවක සවසක වැනි වේලාවක ටිකට්පත් වෙන්කරවා ගත්තොත් ඔබට හොඳ මිලක් ලැබේවි. ඔබට අවශ්‍ය නම් ටිකට්පත් වෙන්කරවා ගැනීම ඔබ වෙනුවෙන් සිදුකර දීමට Vista Rooms සූදානම්.

2. නවාතැන්
Vista Rooms යනු ඔබට පහසු මිලට නවාතැන් ගන්නට ඇති හොඳම විසඳුමයි.
ඔබ තනිවම සංචාරයේ යෙදෙනවා නම්, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් වලට වඩා අත්දැකීම් වලට කාලය හා මුදල් වෙන්කිරීම සුදුසුයි.
තනි සංචාරකයෙකුට සුදුසු විසඳුම් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

captains-residence-by-vista

captains-sunset-lodge-by-vista

ඒ වගේම දිනයක පවුලේ අයත් සමග මාලදිවයිනේ අසිරිය විඳින්නත් අමතක කරන්න එපා. අපගේ Family Rooms සියලු පහසුකම් වලින් සම්පූර්ණයි. ඒ වගේම ගාස්තුත් අඩුයි.
පහත දක්වා තිබෙන්නේ පවුලේ අය සමග සංචාරයේ යෙදෙන අයට ගැළපෙන විසඳුම් කිහිපයක්.

vista-bnb-dhiffushi-2

ඔබ සංචාරය කරන්නේ ඔබේ පෙම්වතා/පෙම්වතිය සමගද? Vista Rooms ඔබටත් අපූරු විසඳුම් තිළිණ කරන්නට සූදානම්. විශේෂ room service වල සිට පෞද්ගලික දූපතක romantic dinners දක්වා සුවිශේෂී අත්දැකීම් තිළිණ කිරීමට අපට හැකියාව තිබෙනවා.
මේ දක්වා තිබෙන්නේ යුවළකට ඉතාමත් සුදුසු විසඳුම් පෙළක්…

thoddoo-beach-view-by-vista

vista-bnb-dhiffushi-3

ඉඟියක්: හොඳම දීමනා ලබාගන්නට කල්තියා නවාතැන් වෙන්කරවා ගන්න. Vista Room වල නවාතැන් ගැනීමේදී 20% ක වට්ටමක් ලබාගැනීමට MARAAI කේතය (Code) භාවිතා කරන්න.

3. සංචාරය

generic-activity-comparision

මාලදිවයිනේ Snorkeling කිරීම යනු ඔබ ජීවිතයේ අත්විඳිය යුතුම අත්දැකීමක්! ඒ වගේම ඔබට මාලදිවයිනේදී ඩොලර් 100 කට අඩුවෙන් Boating, Sailing සහ Jet Skiing වගේම නෞකා සංචාරයක් වුණත් අත්විඳින්නට පුළුවන්. තායිලන්තයේදී නම් ඔබට Snorkeling වලට පමණක් ඩොලර් 60 ක් හෝ ඊටත් වඩා වැයවනවා!
අපට තායිලන්තය සමග කිසිම තරහක් නැහැ. නමුත් පුංචි සංසන්දනයක් පහතින් දක්වා තිබෙනවා.

activites-comparision

හරියට සැලසුම් කළොත් මාලදිවයින් සංචාරය ඔබට ජීවිතයේ කිසිම දාක අමතක නොවන අත්දැකීමක් වේවි.
ඉඟියක්: ඔබ කැමතිම ක්‍රියාකාරකම් ලැයිස්තුවක් සකස් කර එය Vista Rooms වෙත එවන්න. අතිරේක ගාස්තුවකින් තොරව ඒ දේවල් ඔබ වෙනුවෙන් සැලසුම් කරන්නට Vista Rooms සූදානම්.

4. ආහාරපාන
ප්‍රණීත ආහාර සහ මාළු වර්ග සම්බන්ධයෙන් මාලදිවයින ඉතාමත් ප්‍රසිද්ධයි. දෙහි, මිරිස් සහ ලූනු සමග මාළු මිශ්‍ර කළ ‘Garudhiya’ ආහාරය ඔබ රස බැලිය යුතුමයි! ඔබ කටට සැරට ඇති ආහාර වලට කැමති නම් ඔබ මේ ආහාර වලට පෙමින් බැඳේවි!
සාම්ප්‍රදායික ආහාර වේලකට මාලදිවයිනේදී වැයවන්නේ ඩොලර් 15 ත් 20 ත් අතර මුදලක්. තායිලන්තයේදීත් ඔබට මේ මුදලම වැය වෙනවා. ඒ නිසා වඩාත් හොඳ තේරීම මාලදිවයින නේද?

food

ඉඟියක්: ඔබ නිර්මාංශ ආහාර පමණක් ගන්නා කෙනෙක් නම් Vista Rooms වෙත ඒ බව දැනුම් දෙන්න. ඔබ වෙනුවෙන් මාදිවයිනට ආවේණික නිර්මාංශ ආහාර පිළියෙල කිරීමට Vista Rooms සූදානම්.

ඔබ තාමත් මාලදිවයින සහ තායිලන්තය යන දෙකෙන් එකක් තෝරාගැනීමට බැරිව ළත වෙනවාද? මතක තබාගන්න. ඔබ මාලදිවයින තෝරාගත්තොත් සාම්ප්‍රදායික දේවල් වලින් ඔබ්බට ගොස් වෙනස් දෙයක්, අලුත් දෙයක් අත්හදා බැලීමේ අවස්ථාව ඔබට ලැබෙනවා…

why-choose-vista-rooms

http://www.vistarooms.lk/ ලින්ක් එක ක්ලික් කර ඔබේ සංචාරයට සැලසුම් කරන්නට පටන් ගන්න. ඔබේ අවශ්‍යතා සපිරෙන පරිදි ඔබේ නවාතැන් සැලසුම් කර දෙන්නට Vista Rooms සූදානම්.
ඉතින් තවත් බලා ඉන්නේ ඇයි? ඔබත් දැන්ම + 94767629831 අමතන්න.

මෙය ඔබේ සිහින මාලදිවයින් සංචාරය නේද? එසේ නම් මෙම link එක click කර ඔබගේ තොරතුරු අපට දෙන්න.

Share this post with your friends!