වයසට යන්නෙ නැතුව ඉන්න නම් කරන්න ඕන හොදම දේවල් 10……!

අප කිසිවෙක් වයසට යෑමට කැමති අය නෙවෙයි…අප දකින සමහරක් මිනිසුන් වයසට වඩා මහළු ස්වරූපයක් ගන්නා අතර තවත් සමහරක් අය තම වයසටත් වඩා තරුණ ස්වභාවයක් පෙන්වයි…මෙහි සැඟව ඇති රහස ගැන සලකා බැලුව විට එදිනෙදා ජිවිතයේ අප යෙදෙන කටයුතු මෙයට විශාල වශයෙන් බලපෑම් එල්ල කරනවා.මේ පවසන්නට යන්නේ ඔබව ඉක්මනින් මහළු කරවීමට හැකි ඔබ එදිනෙදා යෙදෙන කාර්යයන් 10ක් පිළිබඳවයි…හැකි ඉක්මනින් මේවායින් ඔබ මිදිය යුතුයි.

බීම බට භාවිතයට හුරුව සිටීම
aging-1
මේ තුලින් ඔබේ මුඛය අවට සම ඉක්මනින් රැලි ගැන්වීමට ලක් වනවා…ඔබට බීම බට නොයොදා එක් වරම විදුරුව තුලින් පානය කිරීමට හැකි නම් එය ඉතා හොඳය.

වැරදි ඉරියව්
aging-2
වැරදි ඉරියව් තුලින් ඔබේ මස්පිඬු සහ අස්ථි වලට බලපෑමක් එල්ලවන නිසා ඉක්මනින් අයෝබලත් වීමේ ප්‍රවනතාව අධිකය…ඔබට ඒ වෙනුවට නිවැරදි ඉරියව් තුල පිහිටිමට සිදුවනවා.

මේදය අඩු ආහාර රටාවකට හුරුව සිටීම
aging-3
ඔබේ සෞඛ්‍යට අවශ්‍ය ඔමේගා ත්‍රී අඩු වීම නිසා ඔබේ සම රැලි ගැන්විය හැකියි.මේවා නිසා ඉක්මනින් සම වියලීම හා රැලි වැටීම සිදුවිය හැකියි.

එක් පසෙකටම හැරි නිදා ගැනිමට පුරුදු වීම
aging-4
මේ තුලින් ඔබේ මුහුණේ එක් පැත්තක් නිරතුරුවම කොට්ටයට තද වීමක් සිදුවනවා.මේ නිසාත් ඉක්මනින් මුහුණ රැලි වැටීම සිදු විය හැකියි.

එළිමහනේදි සන්ක්‍රීම් භාවිතයට හුරු වීම
aging-5
මේවා නිරන්තර භාවිතය සමට අහිතකර මෙන්ම ඉක්මනින් මහළු පෙනුමක් ලඟා කරවිය හැකිය..

උණුසුම් වායු කිරණ නිරන්තර භාවිතය
aging-6
මේවා නිරන්තර භාවිතය තුලින් ඔබ අවට ඇති වාතය වියලි වෙයි.මේ නිසා ඔබේ සමද ඉක්මනින්ම වියලීමට ලක්වෙයි.

වමනාවත් වඩා රූපවාහිනිය නැරඹිම
aging-7
ඔබ රූපවාහිනිය නරඹන සෑම පැයකදීම විනාඩි 22කින් ඔබේ ආයු කාලය අඩුවන බව මේ වන විට සොයා ගෙන ඇති කාරණයකි.එම නිසා සෑම මිනිත්තු 30කට සැරයක්ම එහා මෙහා ඇවිදීම සිදු කල යුතුයි.

අවම සිනී භාවිතය
aging-8
සීනී යනු අත්‍යාවශ්‍ය හා ශරීරයට හිතකර වුවක් නොවේ..නමුත් යම් තරමක සිනී ප්‍රමානයක්ද ශරීරයට අවශ්‍යය.මක් නිසාද ඔබේ විඩාබර ගතිය දුරුකොට තරුණ පෙනුමක් ලබා දීමට සීනී වලට හැකි නිසාවෙනි.

නින්ද මදිකම
aging-9
සෑම වැඩිහිටියෙකුටම රාත්‍රී නින්ද පැය හතක පමන කාලයක අවශ්‍යතාව ඇත.මේ හේතුවෙන්ද වයසට වඩා මහළු පෙනුමක් ලැබිය හැකිය.

ආතතිය නිසා
aging-10
ආතතිය තුලින් ශරීරයට නොයෙක් අහිතකර බලපෑම් එල්ල කල හැකියි.මේ නිසා ආතතියෙන් තොරව සිටීම ඔබේ තරුණ පෙනුම් රැක ගැනීමට ඉවහල් වේ.

Share this post with your friends!