උපතේ සිට එක් කෑම වේලක් හෝ ආහාරයට නොගත් කන්තාවක් ගැන දැනගන්න ආසද? එහෙනම් මේක බලන්නකෝ………

ඔබ මීට පෙර කිරි සහ වතුරෙන් පමනක් ජීවත් වන පුද්ගලයෙක් පිළිබඳ අසා තිබෙනවාද…………එසේ නැත්නම් මෙන්න එවැනි කෙනෙක්…වයස අවුරුදු 26 ක කාන්තාවක් වන මන්ජු දාරා උපතේ සිටම කිසිම කෑමක් නොමැතිව ජලය,කිරි,සහ තේ මත පමනක් යැපෙන්නියකි. මෙයට හේතුව වන්නේ ඇය දුර්ලභ ගනයේ රෝගයක් වන ඇචලසියා නම් රෝගි තත්වයෙන් පෙලීමයි. මෙවැනි රෝගින්ගේ සිරුරට ආහාර ඔරොත්තු නොදෙන නිසා ඇය දියරමය පානයෙන් ගෙන් යැපෙන්නියකි.මෙයට හේතුව ඇගේ ශරීරයේ අක්රමවත් අන්නස්රෝතයයි. ඇය මේ හේතුවෙන් දිනකට ලීටර් 4කට හෝ 5කට අධික ප්රමානයක් කිරි පානය කරයි. මන්ජුගේ මව ඇය කුඩා අවධියේදි ආහාර කැවීමට උත්සාහා කල විට ඇයගේ සෞඛ්යය තත්වය නරක් වීමට පටන් ගත්තා. ඇය මුලින් තමන්ගේ දියණිය ආහාර ගැනීමට මැලිකමක් දක්වන බව සිතුවද පසුව මෙය යම් රෝගයක් නිසා හට ගන්නා දෙයක් යැයි සැක කල නිසා ඇය මන්ජුව වෛද්යවරුන් වෙත යොමු කළා.නොයෙක් ප්රතිකාර කලද සුවයක් නොලැබු ඇයට එක් වෛද්යවරයෙකුගේ මඟ පෙන්වීම නිසා ඇගේ රෝගි තත්වය හඳුනා ගැනීමට හැකිවුනා. එහිදි ඇයට මෙය සුව කිරීමට ශල්ය කර්මයක අවශ්යතාව ඇති බවත් ඒ සඳහා දැරිය යුතු පිරි වැය ඔවුන්ට දැරීමට අපහසුය. කෙසේ වුවද මේ වන විට ඔවුන් එළදෙනක් මිලයට ගෙන ඇයට අවශ්ය කිරි ප්රමානය ලබා ගනි.ඇය දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ එක් දරුවෙක් වන අතර ඇයගේ අනෙක් සහෝදරයන්ට මෙවැනි රෝගි තත්වයන් කිසිවක් නොමැත.

igne-1

igne-2

igne-3

igne-4

Share this post with your friends!