මේ හෝටල් සේවිකාවට සන්තෝසමක් නම් ලැබෙන්නේ නෑ…..ඒ ඇය නරක සේවිකාවක් නිසා නම් නෙවෙයි…..බලන්න ඒ ඇයි කියලා….

දකුණු කැරෝලිනාවේ හෝටල් සේවිකාවක් එක්තරා වැදගත් යුවළකට තම සේවය ලබා දීමෙන් පසු ඇයට සන්තෝසමක් වෙනුවට නින්දාසහගත සටහනක් තබා නික්ම ගොස් තිබුනා.එහි සඳහන් ව තිබුනේ ගැහැණියකට හිමිවිය යුතු තැන තම නිවස බවත් එනිසා ඇය නිවසේ සිට තම ස්වාමියාගේ අඩුපාඩු, දරුවන්ගේ අඩුපාඩු, ආහාර පාන සකස් කල දිය යුතු බවයි. දිගු කලක් රැකියාව නිසා නිවසෙන් බැහැරව සිටින තමන්ගේ ස්වාමියා නිවසට පැමිනෙන විට බිරිඳ රැකියාවට ගොස් ඇත්නම් එවිට එම පිරිමියා වෙනත් කාන්තාවන් සොයා යෑමට ඉඩ ඇති බවයි.එම හේතුවෙන් ඇය මෙසේ රැකියාවක නිරත වීම ඇමරිකානු පවුලකට හා එහි ස්වාමියාට කරන නින්දාවක් බවත් ඇය තම නිවසට ගොස් නිවසේ දෑ පිළිබඳ සොයා බැලිය යුතු බවත් එහි සටහන් විය.මෙය දුටු ඇයට දුකක්, තරහවක්, කම්පාවක් ඇති වු බවත් මෙය හදවත බිඳින ප්‍රකාශයක් බවත් මෙලෙස රැකියාවේ යෙදෙමින් තම පවුලට උර දීමට මහන්සි දරන මේ සේවිකාව ඉතා කනස්සල්ලෙන් යුතුව පවසා තිබුනා.. ඇත්තටම මෙවැනි නූගත් පාරිභෝගිකයින් විසීම නම් සැබැවින්ම මෙවැනි පාරිභෝගික සේවා නිළධාරීන්ට කනගාටුවට කරුණක් විය හැකියි.

tip-1

Share this post with your friends!