රෝල කෝස්ටරයේ යනවා වගේ දැනෙන ජපානයේ පාලම………

ජාපනයේ පිහිටා ඇති මෙම ඕහාශී පාලම වළලු සහා බැමි වලින් තොර නිසා සැබැවින්ම ඔබට රෝල කෝස්ටරයක ගමනට හා සමාන අත්දැකීමක් ලබා දෙයි.මෙම පාලමේ ගමන් කරන විට දැනෙන හැඟීම පුදුමාකාරය . මක් නිසාද යත් මේ තුල ගමන් කරන සමහරෙකුට බිය මුසු ආශාවකුත් තවත් අයෙකුට මෙහි ඇති උස නිසා දැනෙන ආශාවෙන් තොර බියත්ය.මෙම පාලම මගින් සකයි මිනාටෝ නගරයට හා මට්සු නගරයට ගමන් කල හැකිය.මෙය නිමවා ඇත්තේ මෙයට යටින් යන නෞකා සඳහා පහසුගමන් කල හැකි ලෙසටය.මෙය ඉදිරිපස ටෙලිපොටෝ කාචයකින් ඡායාරූප ගත කල හොත් මෙය අධික බෑවුමකින් යුක්ත පාලමක් සේ ඔබට හැඟේවී.නමුත් මෙය සැබැවින්ම එසේ බෑවුම් සහිත නොවන අතර මෙහි ඇත්තේ ක්රමයෙන් ඇලවු බැමි ආනතියකි.මෙම පාලම කිලෝමීටර 1.7ක් දක්වා විහිදේ..මෙහි පළල මීටර 11.3ක් වන අතර උස මීටර 144ක් වේ.දෘඩ සැකිල්ලක් සහිත ලෝකයේ තෙවන දිගම පාලම මෙයයි.මෑතකදි යුනයිටඩ් මෝටර් සමාගම විසින් සිදු කල වාණිජමය වෙළඳ ප්රචාරයක මෙහි ඇති බෑවුම් ගතිය පෙන්වීම නිසා මෙය වඩාත් මහජන අවධානයට යොමු විය.මෙය මිනිවෑන් වෙළඳ ප්රචාරන උපක්රමයක් ලෙස භාවිතා කිරීමට එම සමාගම සමත් විය. මෙය ඔබේ යහළුවන් සමඟත් බෙදා ගන්න…..

jb-1

jb-2

jb-3

jb-4

jb-5

Share this post with your friends!