දුර්ලභ ගනයේ විශාල ෆින් තල්මසෙකුගේ දර්ශනයක්….අතිශයින් දුර්ලභයි……

තල්මසුන් නැරඹීමට පැමිනි කණ්ඩායමට මෑතකදී දුර්ලභ ගනයේ අවස්ථාවක් නැරඹීමේ වාසනාව හිමිවුනා.කැනඩාවේ කිව්බෙක් නම් සාගරයෙන් මතුවු මෙම තල්මසුන් වර්ගය ෆින් යන නාමයෙන් හඳුන්වයි.ලෝකයේ දෙවැනි විශාලතම සත්වයා වන්නේද මෙම ෆින් නැමැති තල්මසායි.මෙම පිරිස ගමන් කල බෝට්ටුවට අඟල් කීපයක් දුරින් මෙම තල්මසා අතුරුදහන් වී යයි. මෙම තල්මසා දිගින් මීටර් 18ක් පමන වන අතර ටොන් 50කට වැඩි බරකින් යුක්ත වේ.මොවුන් අඳුරු අළු පැහැ ස්වභාවයක් ගනී.මෙම තල්මසුන්ට දිනකට ටොන් 1ක් හෝ දෙකක් අතර අහාර ප්‍රමානයක අවශ්‍යතාව පවති.එරික් මෝලික් නැමැති මෙම විඩීයෝව බෙදා ඇති පුද්ගලයා මෙය නම් කර ඇත්තේ “අමතක නොවන අත්දැකීමක් ලෙසය”.

Share this post with your friends!