ඉන්දියාවේ දිවෙන දුම්‍රිය මැදිරියකින් ඩොලර් 860,000ක ප්‍රමානයක් සොරුන් විසින් සොරා අරන්….පුදුමයි…ඒත් ඇත්තයි……

මෙය ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 5.78ක ප්‍රමානයක් වේ.පොලිස් නිළධාරීන් පහලොස් දෙනෙකුගේ ඇස් මුලා කරමින් භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගමන් ගන්නා දුම්‍රියක වහලය මතින් ඇතුල්ව මෙම සොරකම සිදුකර ඇත.මෙය දකුණු ඉන්දියානු නගරයක් වන සලෙම් වලින් සඳුදා රාත්‍රී 9ට පිටත්ව ඇත්තේ චෙන්නායි නගරය වෙතටයි.මෙය චෙන්නායි හි රිසව් නම් බැංකුවට අපහරණය කිරීම සඳහා ලබා දීමට තිබු මුදල් ප්‍රමානයකි. එයට හේතුව ඒවා ඉතා පැරණි කල් ගතවු මුදල් නෝට්ටු නිසාවෙනි..මෙම සොරා කම අනාවරණය කර ගැනීමට හැකි වුයේ චෙන්නායි නගරයේ නැවතුම් පලට පැමිනිමෙන්ද අනතුරුවය..

මීනිසෙකුට බැසිය හැකි තරම් විශාල කුහරයක් වහල මත සදා තිබුනි.. මුදල් තබා තිබු ඇසුරුම් විනාශ කොට මෙම මුදල් පැහැර ගත් බව අනාවරණය වේ.මෙම සොරකමේදි එක් සොරෙකු තුවාලව ඇති බව වහල මත ඇති ලේ පැල්ලම් වලින් සනාථ කරගෙන ඇත. එමෙන්ම චෙන්නායි හා සලෙම් පොලීසි දෙක විසින්ම මෙම අපරාධය පිළිබඳ පරික්ෂන පවත්වයි..විදුලු කේබල අමුණා ඇති මෙම වහල හිල් කර අයුරු පිළිබඳ තවම කුකුසක් පවතින බවටද පොලිසිය අනාවරණය කරයි.සිසිටිවි කැමරා පරික්ෂනද මෙහිදි වැඩිදුරටත් සිදුකරන අතර මෙම මාර්ගයේ එක් කොටසක තවමත් විදුලි කේබල් අමුනා නැති බවද පොලීසිය පවසයි.කෙසේ වුවද මෙය ඉතා සුක්ෂම අන්දමේ සොරකමක් වන බව නම් නිසැක ලෙසම හැඟි යයි….

57ab0da5c36188eb7b8b4578

Share this post with your friends!