Google එකේ හැංගිලා තියෙන ඔබේ පුද්ගලික රහස් අවදානමකට පෙර ඔබේ පාලනයට ගන්න

Google එකේ You Tube එකේ අපි කරන ඕනෑම දෙයක් Google සමාගම දන්නවා. මොකද ඒ හැම data එකක්ම යම් ස්ථානයක් තැන්පත් වෙන නිසා. ඒ නිසා Google එකට අපේ රුචි අරුචිකත්වය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එක තුල අපි කරන හැම රහස් දෙයක්ම Google එක දන්නවා. කොටින්ම කියනවා නම් අපගේ ලිංගික ආශාවන් ගැන පවා මෙයාලා දැනගෙන ඉන්නේ.

අපේ privacy එක වගේම කැමැත්ත ගැනත් හොඳින්ම දන්න නිසා Google එක කරන්නේ අපට අවශ්‍ය කරන සමහර දේවල් එක එක තැන් වලින් පෙනෙන්නට සලස්වන එක. මොකද එවිට අපි වඩ වඩාත් Google පරිශීලනය කරන නිසා. ඔබ Google Voice මඟින් යම් දෙයක් සොයා තියේනම් හිතා ගන්න Google එක ඔයාගේ කට හඬත් අඳුරගෙන ඉන්නේ කියල. සමහර විට අපේ privacy එක Google එක දන්න නිසා සමහර තැන්වල අපි අපහසුතාවයන්වලට පත් වෙනවා.

උදාහරණයක් විදියට අපි හිතමු ඔබ යහළුවෙලා ඉන්න ගෑණු ළමයට Youtube එකෙන් මොකක් හරි වීඩියෝ එකක් පෙන්වන්න යනවිට එක එක තැන්වල අනවශ්‍ය ඔබ බලපු රහස් වීඩියෝ පෙන්නුවොත් ඉඳලා හමාරයි නේද. අන්න ඒ වගේ සමහර අවස්ථාවන්වල Google එක අපේ ඉතිහාසය දැනගෙන ඉන්න එක වදයක් වෙන්න පුළුවන්. ඔන්න ඒ හින්දා අපි අද ඔයාලට කියන්නේ Google එකට වගේම ඔයාලටත් ඔයාලගේ privacy එක පාලනය කරගන්න ක්‍රමය ගැනයි.

1. history.google.com කියන වෙබ් අඩවියට යන්න.
1a
1b
1c

2. ඉන්පසු ඔබට පේනවා දකුණු පැත්තේ තියෙන ඩොට් තුනක්. එය මත ක්ලික් කර Activity controls යන්න
2-1-1

3. Scroll down කර ඔබට අවශ්‍ය දේවල් control කරන්න අකැමති දේවල් delete කරන්න.
3-1
4-2
5-1

Share this post with your friends!