තනිවම යන රේසින් කාර්!

රියැදුරු මහත්වරු එක්ක ගමන් බිමන් යන අයට රියැදුරු මහතෙක් නැතිවම ගමන් බිමන් යන්න ක්‍රමයක් එංගලන්තය හඳුන්වාදී තිබෙනවා. නමුත් මේ නිසාම රියැදුරු මහත්වරුන්ට රැකියාව අහිමි වෙයිද කියලා නම් අපි දන්නේ නැහැ.

එංගලන්තය විසින් නව නිපැයුමක් ලෙස හඳුන්වා දුන් මෙම මෝටර් රථය සුප්‍රසිද්ධ Silverstone Internatioual Circuit නම් ආයතනය විසින් නිපදවා තිබෙනවා. තවමත් වෙළෙඳපොළට හඳුන්වාදී නැති මෙම රථය පවතින්නේ පර්යේෂණ මට්ටමේයි.

සාමාන්‍ය ධාවනය සඳහා සුදුසුද නැද්ද යන්න පිළිබඳ තවමත් ප්‍රකාශ වී නැතත්, දැනට රේස් ධාවනය සඳහා සුදුසු කාර් රථයක් ලෙස මෙය නිපදවා තිබෙනවා.

මෙහි ඉදිරිපස කැමරාවක්ද තිබෙන අතර, Roborace යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර, Formula E වර්ගයේ රථයක් වනවා. මෙහි නිර්මාතෘ වන Kinetik හි නිර්මාතෘ Denis Sverdlov පවසන්නේ ඔවුන් ඉදිරියේදී ලොවටම ප්‍රයෝජනවත් වන මෙවැනි නිර්මාණ බිහි කිරීමට අදහස් කරන බවයි.

Share this post with your friends!