අලුතින් එන Galaxy Note 7 ගිනි ගන්න පරණ එක නෙමේ කියා දැනගන්න ක්‍රමය!

සැම්සුන් එකට වෙච්ච ඇබැද්දිය ඔයාලට මතක ඇතිනේ. එයාලගේ අලුත්ම ගැලැක්සි note 7 එකේ බැට්‍රිය ගිනිඅරගෙන ප්‍රශ්නයක් ආවා. මේ ප්‍රශ්නේ පොඩි එකක් නෙවෙයි. මේ නිසා ඒ වෙලාව වෙද්දී ඒ Phone එක අරගෙන හිටපු පරිභෝගයින්ගෙන් ඒ Phone එක නැවත ගෙන්වා ගන්න සැම්සුන් සමාගම කටයුතු කළා.

හැබැයි චීනය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මේ phone එක recall කරලා නැහැ.

මේකට වෙනසක් කරලා අලුත් phone එක release කරනවා කිව්වට මොනවද මෙයාල ඇත්තටම කරන වෙනස්කම්.

ඔන්න එහෙනම් අහගන්න. …..

කලින් ඔය කියපු අකරතැබ්බය වුනේ බැටරියේ අවුල නිසා. ලෙඩ තියෙන බැටරියක් තමයි මේකට මුලින්ම දාලා තියෙන්නේ.

ඔය බැටරිය චීනයේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. කොහොමහරි ඉතින් වැරදිලා ඔය දෝෂ සහිත බැටරිය දාලා තමයි note 7 එක එව්වේ. හැබැයි ඕක ගිනිගත්තට පස්සේ දැන් බැටරිය හොඳ තත්ත්වයකින් ආපසු දාන්න එයාලා පියවර අරගෙන තියෙනවා.

ඒ නිසා ඔයාලට එන අලුත් note 7 එකේ box එකේ S අකුරක් තියෙනවා නම් ඒ වගේම කළු පාට රවුමක් වගේ එකක් තියෙනවා නම් බය වෙන්න එපා. ඒකෙන් කියන්නේ ඔයාගේ ෆෝන් එක දැන් safe එහෙමත් නැත්තන් ආරක්ෂිතයි කියලා.

හැබැයි අලුතින් එන එකේ එහෙම නැත්නම් headset එකේ එමි නොම්බරේ එයාලගේ site එකේ ගහල බලන්න එතකොටත් බලාගන්න පුළුවන්.

ඔය දෙකම නැත්නම් ඉක්මනට ෆෝන් එක ආපහු change කරන්න වෙයි.

galaxy-note-7-burned

galaxy-note7_burn

note7

Share this post with your friends!