රියෝහි ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාගේ ශෝභාවත් වටිනා ප්‍රතිමාව වටා සැඟව ඇති පුදුමාකාර කථාව…..ඔබ දැනගත යුතුමයි!

Rio-5
ඔබ කුමන අන්දමේ චිත්‍රපටියක් නරඹා ඇතත් රියෝද ජැනයිරෝහි රූගත කර ඇති චිත්‍රපටයක් නම් එහි සියයට අනුවක්ම මේ වටිනා ඓතිහාසික ප්‍රතිමාව දැක ගත හැකියි. ඒ තරමටම මෙය ඉතා ප්‍රසිද්ධ ප්‍රතිමාවක්….ඒ අන් කවරක්වත් නොව ජේසුස් ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයානන් වහන්සේ ගේ ප්‍රතිමාවයි.මෙය වටා ගෙති ඇති කථාව ද ඉතා රසවත් එකක්..මෙහි තොරතුරු පීළිබඳවද ඔබ නොදත් කරුණු බොහොමයක් ඔබට මෙම ලිපිය තුලින් දැනගැනීමට හැකිවනු නොඅනුමානයි.
Rio-6
මෙය පිහිටා තිබෙන්නේ නගරයේ මුහුදු මට්ටමට වඩා මීටර් 700ක් උසකින්.මෙය ඉදිකිරීමට මුල් වුයේ 19 වන සියවසේදී බ්‍රසීලය තුල ඇතිවු ක්‍රිස්තියානි ආගම් වර්ධනයයි.මීටර් 38ක් උස මෙම ප්‍රතිමාව තැනීම පිළිබඳ මුල්ම අදහස 1850 දී ඇතිවු අතර නිර්මාන ශිල්පීන් විසින් එය යථාර්ථයක් බවට පත් කිරීමට පටන් ගත්තේ 1920 දීය. 1850 දී සමාන්‍ය පූජකයෙකු මේ අසල ඇති කොකොවාඩෝ කන්ද තුල ක්‍රිස්තියානු ප්‍රතිමාවක් ඉදිකිරීමට සෑදුවත් එවකට බ්‍රසීලයේ රැජිණිය වු ඉසබෙල් විසින් මෙයට මුල්‍යමය ප්‍රතිපාදන දීම සිදු නොකල අතර මෙය පළමුවන ලෝක යුද්ධය අවසාන වන තුරුම විසඳුම් නොලත් ප්‍රශ්නයක් බවට පත් විය.
Rio-2
එයට පසු කතෝලික අග්‍ර බිෂොප් තුමා ඇතුළු බ්‍රසීලයේ කණ්ඩායමක් ක්‍රිස්තියානි දහම තුල නව පුනර්ජීවනයක් ඇති කරනු වස් මෙම නිත්‍ය ප්‍රතිමාව සෑදීමට මුලික වුනා.1921 වන විට මුලින්ම මෙය ඉදි කිරීමට තිරණය කලේ කොකොවාඩෝ කඳු මුදුනේය. එයට හෙතුව එම කඳු මුදුන රියෝ නගරයට හොඳින් දර්ශනය වන නිසාවෙනි.නමුත් හෙයිටර් ද සිල්වා කොස්ටා නැමැති බ්‍රසීල ගෘහ නිර්මාන ශිල්පියා 1922 දී දිනා ගත් නිර්මාන තරඟයක් නිසා අදහස් කලේ හිරු නැගෙන දිශාවට මුහුණලා මෙම ප්‍රතිමාව ඉදිවිය යුතු බවයි.

Christ the Redeemer project- Christ-the-Redeemer-under-construction.jpg

Christ the Redeemer project- Christ-the-Redeemer-under-construction.jpg

මෙම දිව්‍ය ගැලවුම්කරුවාණන් ව පරිසරයට බද්ධව හිරු නැගෙන විට මිනිසුන් තුල ඇති ගරුත්වය දිනෙන් දින වැඩි වීම උදෙසා මෙම ප්‍රතිමාව ඉදි කර ඇත.වසර 10ක් ගතකර ඉතා මහන්සියෙන් වැඩ නිම කල මෙම ප්‍රතිමාව විවෘත වන්නේ 1931 ඔක්තෝම්බර් 12 වන දාය. මෙම ප්‍රතිමාව මේ වන විට ලෝකයේ පුදුම හතෙන් 1ක් බවට පත්වී හමාරය.මෙම ප්‍රතිමාව ලෝක ජනාදරයට හා ප්‍රසිද්ධියට මෙන්ම නිරන්තර අවධානයට ලක් වන්නකි.
Rio-10

Share this post with your friends!