අවංක ආරක්ෂක නිළධාරියාගේ හපන්කම….නිහතමානිකම හා අවංකත්වයට කරන ගරු කිරීමක් ලෙස ඔබත් මෙය නරඹන්න!

Danny2

අප වෙසෙන සමාජය තුල නොයෙකුත් අදහස් දරන නොයෙකුත් වර්ගයේ මිනිසුන් ජීවත් වනවා. එපමණක් නොවෙයි.මිනිසුන් තමන්ගේ අදහස් හා චර්යා සමහරක් භෞතික වස්තූන් ඉදිරියේ වෙනස් කරගන්නවා. ඒ වගේම තමයි එසේ නොවන ප්‍රතිපත්ති ගරුක මිනිසුන්ද අප අතර ජීවත් වනවා. ඉතින් මුදල් යන වචනය අභියස බොහෝ දෙනාගේ ජීවිත මෙන්ම තීරණ , ඇවතුම් පැවතුම් වෙනස් වන බව ඔබ මම ඉතා හොඳින් දන්නා කරුණක්…නමුත් මේ පැවසීමට යන්නේ මුදල් තමා අභියස ගැවසෙද්දි පවා ඒ පසුපස නොගොස් තමාගේ දිළිඳු බව නැති කරගැනීමට තැත් නොකෙරු අවංක නිහතමානි ආරක්ෂක නිළධාරියෙක් පිළිබඳවයි.

Danny1
පිලිපීනයේ නිනෝයි ගුවන් තොටුපලේ ආරක්ෂක නිළධාරියෙකු වශයෙන් සේවය කරන ඩැනී නෙමියොන් හට තම රැකියාව තුලින් ලැබුනුයේ ඉතා අවම මුදලකි.ඔහු තම දිවා ආහාරය පවා සමහරක් අවස්ථාවලදි ලබා ගන්නේ ඉතා අමාරුවෙන්…එතරම්ම ඔහුගේ දිළිඳුකම ප්‍රබලයි. ඉතින් තම සේවා කාලය තුල දමා ගිය බෑගයක් තිබි ඩොලර් 10,000ක පමන මුදලක් ඔහුට සම්බ වුනා.දිළිඳුකම පරදවා නැගි ආ අවංකත්වය හමුවේ ඔහු මේ පිළිබඳ තම ආයතනයට වර්තා කිරීමට තරම් පරාර්ථකාමි වුවා.මේ පිළිබඳ දැනගත් මෙම බෑගයේ අයිතිකරු ඔහුගේ අවංකත්වය සලකා ඔහුට ඩොලර් 300ක මුදලක් ලබා දුන්නා.එමෙන්ම ඔහුව ඇගයීමට පවා ලක් කලා.සැබැවින්ම මෙවැනි මිනිසුන් ඇගයිය යුතු අතර මෙය නැරඹිය යුතුමය..

Share this post with your friends!