ඇමරිකාව හදපු සුපිරි ත්‍රිවීල් එක!

මාර්ග තදබදය අස්සේ එහෙන් මෙහෙන් රිංගලා යන ත්‍රිරෝද රථ යම් වෙලාවකදී මාර්ග තදබද ඇති කිරීමට හේතු වුණත්, ඔවුන්ගේ මෙම සේවයත් අමතක කරන්න බැහැ. දුප්පතාගේ හිතවතා කියල කියන්නෙත් ඒකනේ..

කොහොම වුණත් මාර්ග තදබද අස්සේ එහෙන් මෙහෙන් රිංගලා යන්න බැරි, නමුත් මගී සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කළ හැකි පෙනුමෙන් උසස් තුන්රෝද අමුත්තෙක් හඳුන්වා දෙන්න ඇමෙරිකාව පසුගියදා සමත් වුණා.

ඇමරිකානු ඩොලර් 7,300ක් වැනි මුදලකට අලෙවි වන මෙම තුන්රෝද රිය තුළ වරකට මගීන් දෙදෙනකුට ගමන් කළ හැකියි.

තප්පර 9.6කට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කළ හැකි මෙම රියෙහි රෝද දෙකක් ඉදිරිපසද අනෙක් රෝදය පිටුපසින්ද පිහිටා තිබෙනවා. එය පිහිටා තිබෙන ආකාරයේ ලොකු වෙනසකුත් තියෙනවා.

ඇමෙරිකාවේ eliomotors ආයතනය විසින් නිර්මාණය කර තිබෙන මෙම තුන්රෝද රිය මාර්ග තදබදයට කදිම විසඳුමක් බව ඔවුන් පවසනවා. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන පරිදි මෙම තුන්රෝද රිය අඩු වියදම් සහිතයි.

එමෙන්ම වර්ණ කීපයකින්ද තම අවශ්‍යතාව අනුව මෙම තුන්රෝද රිය මිලට ගැනීමේ හැකියාව පවතිනවා

Share this post with your friends!