එක්සත් ජනපද පළමු දියණිය සාෂා ඔබාමා ඇගේ ගිම්හාන නිවාඩුව තුළ අවන්හලක වැඩ!

අවුරුදු 15 ක් වයස සාෂා ඔබාමා ධවල මන්දිරයේ සුවපහසුව තිබියදී මෙවැනි අවන්හලක වැඩ කිරීම තුලම ඇගේ නිහතමානිකම ඔප්පු වෙනවා. ඇය මෙවැනි රැකියාවක් කිරීමට තිරණය කලේ ඇගේ පාසලෙන් ලැබුනු නිවාඩු කාලයේදීය. ඔබාමා පවුලේ මාලියා සහ සාශා යන මෙම දියණියන් දෙදෙනාම තම දෙමාපියන්ගේ බලගතු කමින් අයුතු ප්‍රයෝජන නොගෙන මාධ්‍ය ප්‍රසිද්ධියට හා වැරදි ප්‍රචාර වලට අකමැති කමක් දක්වන අය වේ.

නමුත් එය 15 හැවිරිදි සාෂා ඔබාමා ධවල මන්දිරයේ සුවපහසුව නොතකා ඇගේ ගිම්හාන නිවාඩුව තුළ මැසචුසෙට්ස් දී මුහුදු ආහාර බද්ධ රැකියාවක් තෝරා ගැනීමම ප්‍රශංසනීයය.සාශා ගේ මෙම ක්‍රියාව මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල තුල ප්‍රසිද්ධ වෙමින් පවති.ඇය මෙහි සමාන්‍ය අවන්හල් සේවිකාවක් මෙන් ඇඳුමින් සැරසි සිටී.ඇයගේ ආරක්ශාව පතා රහස් නියෝජිතයින් අවන්හල අසල සිටි.

මෙම රහස් නියෝජිතයින් ඇගේ මෙම රැකියාවට උදව්, උපකාරද සපයයි.බැරැක් ඔබාමා සහ මිශෙල් ඔබාමා තම දියණියන්ට සමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ආදර්ශමත් දෙමාපිය යුවලක් බව නම් සැබෑය.එය ඔබට මෙම විඩීයෝව නැරඹු විට පසක් වේ.

sasha-obama-restaurant-main

Share this post with your friends!