අනුනවයයි දශම ගාණකින් පොඩ්ඩෙක්ව කෝච්චියට අසුවෙන්නට ඉඩ නොදී බේර ගත්ත නිළධාරින්…බලන්නම වටිනවා!

වයස අවුරුදු 3ක් පමන වන පොඩ්ඩා කෝච්චි පිළි මත සෙල්ලම් කරමින් සිටියදි මෙහි පැමිනෙන කෝච්චියට හසු වීමට ඉඩ නොදි බේරා ගැනීමට කෝච්චි ආරක්ෂක භටයින් යුහුසුළුව ක්‍රියාත්මක වී තිබෙනවා.කෝච්චිය පැමිනිමට තත්පර ගාණක් තිබියදි මෙම පොඩ්ඩාව බේරා ගැනීමට හැකිවීම නම් පුදුම සහගතය.මෙහි බේරා ගැනිමට යන එක් ආරක්ෂයෙකු මඟදි ලිස්සා වැටුනද නැවත හැකි විර්යය යොදමින් මේ දරුවා බේරා ගැනීමට සමත් වුනා.

56 හැවිරිදි අර්සෙනි කසාරයන් නැමැති දුම්-රිය ආරක්ෂකයා පවසන පරිදි ඔහුගේ මුළු ජීවිත කාලයටම සිදුකල වේගවත්ම දිවීම මෙය බවය.මෙම සිදුවීම සිදුව ඇත්තේ දකුණු අපරදිග රුසියාවේය.කෝච්චි රියැදුරුද මෙම දරුවා දැක කම්පනයට පත්ව කෝච්චිය නැවැත් වීමට උත්සාහ ගත් බව නම් පැහැදිලිය.අර්සෙනි පවසන අන්දමට මේ සිදුවිම සිදුවන විට මේ දරුවාගේ මව හෝ පියා යන කිසිවෙක් එතැන සිට නැත. මෙම සිදුවීම සිදුව ටික වේලාවකට පසු මෙම දරුවාගේ මව පැමිනි බව ඔහු පවසයි. මේ දුම්-රිය පල අසල පිහිටි කඳවුරකට මේ දරුවා ඇතුළු සිය පවුල නිවාඩුවක් ගත කිරීමට පැමිනි අතර ඔවුන් මධුවිත පානය කරමින් යහළුවන් සමඟ විනෝදයෙන් ගත කරන විට කාගේත් අවධානයෙන් මිදි මේ දරුවා මෙතනට පැමින ඇත.

මෙහි වෙසෙන ගම්වැසියන් සියල්ල මෙම ආරක්ෂක භටයින්ට තම කෘතඟතාව පල කර අතර මෙය සමාජ ජලා වෙබ් අඩවි තුල ගින්නක් මෙන් පැතිර යන බව නම් සැබෑය

Share this post with your friends!