බෝම්බයකට හසුවූවත් ලේ ගලන හිස අතින් පිරිමැද කඳුලු බිඳක් නොහෙලූ මල් කැකුළ ගැන ලොවක් හැඬවූ කතා!

සිරියාව කියන්නේ යුද්ධය නිසා ජීවිත දහස් ගාණක් නැතිවුණු රටක්. ඒ අතරේ පුංචි මල් වගේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසක දරුවෝ හිටියා. ඔවුන් බෝම්බ නිසා ලෝකය හරිහැටි දකින්නත් කලින් ඇස් පියාගත්තා. සමහරුන්ට ඇවිදගන්න බැරි, කතා කරගන්න බැරි, ඇස් ඇරගන්න බැරි තරමට තුවාල වුණා.

ඒ අතරේ වාසනාවකට වගේ පුංචි තුවාල ටිකක් වෙලා විතරක් පණ කෙන්ද බේරුණු දරුවෝ හිටියා. අපි කියන්න යන්නෙත් ඒ වගේ දරුවෙක් ගැන. පහුගිය දවසක සිරියාවේ සිදුවුණු බෝම්බ පිපිරීමකින් ඔවුන්ගේ නිවස බිමට සමතලා වුණේ.

අම්මා තාත්තා දෙවියන් සිහි කරගෙන ඒ මේ අත දිව්වේ තමන්ගේ දරුවා නිවසට යටවෙලා, අනේ කොහොමහරි බේරලා දෙන්න කියලා. උදව්වට මිනිස්සු ආවා, සුන්බුන් අතරින් මේ පුංචි දරුවා ඔවුන් ගොඩට ගත්තා. කෙස් ගහේ ඉඳන් මුළු ඇඟ පුරාම තිබුණු දූවිලි එක්ක ලේ තැවරුණු මුහුණ ඔහුට ලොකු කරදරයක් කරලා ඇති කියලා හිතුනත් ගිලන් රථයේ ඉන්දවපු වෙලාවේ ඉඳන් ඔහු වචනයක් කතා කලේ නැහැ.

හැමෝටම පුදුමයි, අම්මත් නෑ තාත්තත් නෑ. ඒත් මේ දරුවා නෙවෙයි එක කඳුලක් ඇස්වලින් එළියට ගත්තේ, එකම පාරක් ඔළුවට අත තියලා ලේ එනවද කියලා බැලුවා, ඔව් ලේ එනවා, ඒත් ගාණක් නෑ, ඔහු බලාගත්ත අතේ බලාගෙන හිටියා.

ඔහු ගැන ලෝකෙම කතා කරන්න පටන් ගත්තා, අහිංසක දරුවන් දහස් ගාණක් සිරියාවේ කුරිරු යුද්ධය නිසා මේ විදියට අනේකවිද දුක් විඳිනවා. වෛද්‍යවරු මේ දරුවා පරීක්ෂා කලා, ඔහු දැඩි කම්පණයකට පත්වෙලා. ඒ නිසාම කරන්න මොනවද කියලාවත් ඔහු දැනගෙන හිටියේ නෑ, එත් එකපාරටම ඔහුගේ ඇස් දෙකට කඳුලක් ආවා. ඒ කවුරුත් නිසා නෙවෙයි, ඒ ආයෙත් පාරක් බෝම්බ ප්‍රහාරය නිසා නැතිවෙලා හිටපු අම්මයි තාත්තයි ඇස් දෙකෙන් දකින්න පුලුවන් වුණු මොහොතේ.

ඔහුට ලොකු තුවාලයක් වෙලා නැහැ, අම්මයි තාත්තයි දැකපු මොහොතේ හිතේ තිබුණු කම්පනය පවා අමතක කරලා ඔහු හැමෝටම ඇහෙන්න ඇඬුවා, ඒ තමන් මේ ලෝකේ තනිවෙලා නෑ කියලා හිතුණු හින්දා වෙන්න ඇති.

Share this post with your friends!