වැඩකෑලි ගොඩක් එක්ක කුඩයත් Smart වෙයි!

ස්වභාවදහමෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒත් ඒකට ඕනේ නිර්මාණශීලී වගේම තාක්ෂණික අදහස්. ඉතිං ඒ විදිහට නිර්මාණශීලී විදිහට වගේම අලුත් තාක්ෂණික අදහසකුත් එකතු කරගෙන එක්තරා සමාගමක් අලුත්ම වර්ගයේ කුඩයක් නිර්මාණය කරලා තියෙනවා. මේ කුඩේ සාමාන්‍ය කුඩයක් නෙමෙයි, Smart කුඩයක්. අපි එහෙම කියන්න හේතුව ගොඩක් තියෙනවා. ජංගම දුරකථන චාජ් කිරීමට වගේම තවත් USB උපකරණ චාජ් කිරීමේ හැකියාව, GPS සහ Flashlight එකකින් සමන්විතවීම. මේ ඔක්කම දේවල් වෙන්නේ කුඩයට ඉහළින් තියෙන solar power panels. ඒ හරහා මේ කුඩයේ තියෙන තාක්ෂණික මෙවලම් ක්‍රියාකරනවා.

එ්ක වෙන විදිහ පහතින් බලන්න…

Share this post with your friends!